30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුසියා ශ්‍රී ලංකා හමුදා සහයෝගිතාව නව මඟකට ගෙන ඒම අවධානයට

රුසියා ශ්‍රී ලංකා හමුදා සහයෝගිතාව නව මඟකට ගෙන ඒම අවධානයට

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින හමුදා සහයෝගීතාවයේ බැඳීම් නව මඟකට ගෙන ඒම සම්බන්ධයෙන් දෙරටේ හමුදාවන් හි අවධානය යොමුව තිබේ.

රුසියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතා සමඟ දෙරට අතර පවතින හමුදා සහයෝගීතාවයේ බැඳීම් නව මඟකට ගෙන ඒම සහ යාන්ත්‍රික හා තාක්‍ෂණික අවශ්‍යතා පිළිබඳ මෙන්ම අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී දෙරටේ හමුදා ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාව අතරතුර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශත වර්ෂ ගණනාවක් පුරා දෙරටේ ඓතිහාසික මූලයන් පිළිබඳව සහ රුසියානු රජය ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුම් කාල සීමාව තුළ ලබාදුන් තාක්ෂණික හා යාන්ත්‍රික සහයෝගිතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළකර ඇත.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ යාන්ත්‍රික, ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත විශේෂ සමරු තිළිණයක් සහ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා විසින් රුසියානු හමුදා ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කර ඇත.

මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණ දෙන පාසල වෙත පැමිණ තිබේ.

 මහින්ද අලුත්ගෙදර