26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව ගෙන එන හැම යෝජනාවකටම එකඟ වී අත එසවිය නොහැකියි

ආණ්ඩුව ගෙන එන හැම යෝජනාවකටම එකඟ වී අත එසවිය නොහැකියි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල්

ආණ්ඩුව ගෙන එන සෑම යෝජනාවකටම එකඟ වී අත එසවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා පැවසීය.

එය ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කලකිරීමට ලක්වීම අපට ගැටලුවක් නොවන බවත් ,අප රජයට එකතු වුයේත්,රජයෙන් ඉවත් වන්නේත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට අනුව නොව අප පක්ෂයේ නායකත්වය ගන්නා තීන්දු තීරණ මත බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑමවිටම තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ පැත්තේ සිට බව ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැති තරුණ, කාන්තා හා ගුරු සංගම් ප්‍රතිසංවිධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා කීය.

සිය පක්ෂය ආණ්ඩුව සමඟ එක් වූයේත්, ඉන් ඉවත් වන්නෙත් පක්ෂ නායකත්වය හා මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු තීරණ මත මිස පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් අනුව නොවන බව විජයලාල් සිල්වා මහතා කියා සිටියේය.

ආණ්ඩුව තුළ සිටින පක්ෂ අතර වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් සහිත හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අප පක්ෂය ලඝු කොට සැලකීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට සහාය දීමට තීන්දු කළේ පක්ෂ නායකත්වයේ හා මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුවයි. ඒ අයුරෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළා. ඒ සියලු කාර්යයන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත්, පොදුජන පෙරමුණේ ඉහළ පක්ෂ නායකත්වයත් සමඟ සාකච්ඡා කර එළැඹි තීන්දු තීරණ මතයි.

ඒ වගේම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා සෙසු කුඩා පක්ෂවලින් ලැබෙන සහය පිළිබඳව පසුපෙළ මන්ත්‍රීවරු සතුටු විය යුතුයි.”

නුවන් කොඩිකාර