26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෘෂි ඉඩම් ටික අදානිලාට බාර දෙන්න හදනවාද කියා අපට දැන් සැකයි

කෘෂි ඉඩම් ටික අදානිලාට බාර දෙන්න හදනවාද කියා අපට දැන් සැකයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර

අදානි ලංකාවට පැමිණිම රටට ප්‍රශ්නයක් බවත් මේ රටේ කෘෂි ඉඩම් අදානිලාට පවරන්න රජය සූදානමක් තිබෙනවාද යන්න සැකය පොහොර ගැටලුව හරහා මතු වී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, මැදවච්චිය ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා පැවැසීය.

මැදවච්චිය නගරයේ දී ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.

අදානි ලංකාවට පැමිණීම බටහිර ජැටියේ වැඩ ආරම්භයට නම් , ආරක්ෂක අංශවලට අයත් හෙළිකොප්ටර් යානයකින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණය කළේ අදානි කුමන හේතුවක් මතද යන්න තමාට මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවටත් ප්‍රශ්නයක් බව ඒ මහතා කීය.

වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර මහතා මෙසේද කීය.

“අපේ රටේ ගොවිතැනටත් දැන් කණ කොකා හඩමින් යනවා. මේ රටේ පොහොර ප්‍රශ්නය ඇති කර අදානිගේ පැමිණිම , තෙල් ටැංකි නිරීක්ෂණය, බටහිර පර්යන්තයේ වැඩ ආරම්භය එකම නාට්‍යයක කොටසක් ලෙසයි අපි දකින්නේ. මේ හරහා අපේ රටට ලොකු බලපෑමක් තිබෙනවා. මේ රටේ කෘෂි ඉඩම් ටික අදානිලාට බාර දෙන්න රජය හදනවාද කියන සැකය අපට දැන් තිබෙනවා.”