29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

විමල්ට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

කොළඹ මහාධිකරණය විසින් අද (17) විමල් වීරවංශට එරෙහිව අද අධි චෝදනා ගොනු කරනු ලැබීය.

මෙම අධි චෝදනාව ගොනු කර ඇත්තේ ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010 සහ 2015 අතර කාලසීමාවේදී වැටුපෙන් හා වත්කමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපළ හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවට අදාළවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී විත්තිකාර විමල් වීරවංශ කියා සිටියේ තමන් අදාළ චෝදනා සඳහා නිවැරදිකරු බවයි.

ඒ අනුව නඩුව වැඩිදුර විභාගය ලබන 28 වැනිදා දක්වා කල් තැබීය.