27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව ස්ථාන 13කින් ඉදිරියට

ලංකාව ස්ථාන 13කින් ඉදිරියට

ලොව වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ ස්ථාන 13ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට 90 වන ස්ථානය හිමිවී ඇත.

ඒ සඳහා ත්‍රස්තවාදී ක්‍රියා, දේශපාලන අස්ථාවරභාවය, යුක්රේන රුසියා ගැටුම් ආදී සාධක රැසක් මෙවර දර්ශකය සකස් කිරීමේදී පාදක කරගෙන ඇත. ඒ අනුව 2022 ලොව වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ මෙවර පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ අයිස්ලන්තයයි.

නවසීලන්තය, අයර්ලන්තය, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව පිළිවෙලින් මුල් ස්ථාන 05 රැඳී සිටින අතර මෙම දර්ශකයේ පහළම ස්ථාන 05 හිමිකරගෙන තිබුණේ, ඇෆ්ඝනිස්ථානය, යේමනය, සිරියාව, රුසියාව සහ දකුණු සුඩානයයි.

රටවල් 90ක් 2021 වසරට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර රටවල් 71 ක් පසුබෑම් පෙන්නුම් කර තිබේ.

මෙවර වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ ඕස්ට්‍රේලියාවට මෙවර ලැබී ඇත්තේ 27 වන ස්ථානයයි. එය පසුගිය වසරට වඩා ස්ථාන 09ක පහළ යාමක් වන අතර චීනය සමඟ ඇතිව පවතින මතභේදය ඊට ප්‍රධාන හේතුව වී තිබේ.