35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිලරිගේ ආධාරකාරිනියත් අතවරයට ලක් වෙලා

හිලරිගේ ආධාරකාරිනියත් අතවරයට ලක් වෙලා

සෙනෙට් සභිකයකු තමා ලිංගික අතවරයට ලක් කළ බව හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ සමීප ආධාරකාරිනියක විසින් සිදු කරනු ලැබූ හෙළිදරව්වක් ආන්දෝලනයකට තුඩු දී තිබේ. හුමා ඇබෙඩින් නමැති මේ කාන්තාව ප්‍රකාශ කරන්නේ අදාළ දේශපාලනඥයා වසර දෙදහසේ මැද භාගයේදී පමණ තමා ඔහුගේ නිවෙසට කැඳවා අතවරයට ලක් කිරීමට උත්සාහ කළ බවය. එංගලන්තයේ දි ගාඩියන් පුවත්පතට අනුව අදාළ සෙනෙට් සභිකයාගේ අතවරයෙන් මිදී පලායැමට පසුව ඇය සමත් වී ඇත. ඇය විසින් ලබන සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන ‘ලයිෆ් ඉන් මෙනි වර්ඩ්ස්‘ නමැති කෘතියට මේ සියලු කරුණු ඇතුළත් කර ඇත.

ඇය වසර 2016 දී ඩිමොක්‍රටික් ජනාධිපතිධුර අපේක්ෂිකා වූ හිලරි ක්ලින්ටන්ගේ අතිශය විශ්වාසවන්ත ආධාරකාරිනිය බවට පත් වී සිටියාය. හුමා ඇබෙඩින් තම දෙවැනි දියණිය ලෙසත් හිලරි ක්ලින්ටන් වරක් ඇය හඳුන්වා දී තිබිණි.