29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති අණින් සංවර්ධනයට බාධා වන නීති ලිහිල් කෙරේ

ජනපති අණින් සංවර්ධනයට බාධා වන නීති ලිහිල් කෙරේ

ව්‍යාපාර සංවර්ධනයට සහ ආයෝජනයට බාධාවක් වන රෙගුලාසි ලිහිල් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඊයේ (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව දේශීය හා විදේශීය ආයෝජකයින්ට ඉක්මනින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා අවස්ථා පුළුල් කළ යුතු බවත් විදේශ විනිමය උපයා ගත හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර කඩිනම් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

අපනයන කර්මාන්තය හරහා ලැබෙන විදේශ විනිමය සෘජුවම අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.