― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඖෂධ මිල ඉහළ යන්නේ ඇයි?

ඖෂධ මිල ඉහළ යන්නේ ඇයි?

වර්තමානය වන විට ලංකාවේ පවතින අති උද්ධමනකාරී වාතාවරණය තුළ සෑම භාණ්ඩ හා සේවාවකම මිල දිනෙන් දින ඉහළ යමින් පවතී.අද වන විට සම්පූර්ණයෙන්ම පාහේ ආනයනය මත පදනම්ව පවතින ගෑස්, පාරිභෝගිකයා වෙත ගෑස් පෙන්වමින් පවතී. වැඩි මිලට වුවද ගෑස් ලබාගැනීමට හැකියාවක් නොමැත.

ගෑස් භාවිතා කරමින් සපයනු ලැබූ ඇතැම් ව්‍යාපාර පවා සම්පූර්ණයෙන්ම මේ වන විට අඩපණව ගොසින්ය. ඩීසල් සහ පෙට්‍රල් පෝලිම්වල සිටීමේදී ඇති වූ තෙහෙට්ටුවෙන් ජනතාව මියයමින් සිටින්නේ අවාසනාවන්ත ලෙසය. දුප්පත් මිනිසාගේ ඉන්ධන වන භූමිතෙල් පිළිබඳව කතා කිරීමට පවා හැකියාවක් නොමැත. මේ නිසා ජනතාවට ගෑස් ලිපෙන් දර ලිප මාරුවීම, වායුසමීකරණය කරන ලද තම සුඛෝපභෝගී වාහනයෙන් පාපැදියට මාරුවීම හැර වෙනත් විකල්ප ඉතුරු වී නැත.

කෙසේ නමුත් සම්පූර්ණයෙන්ම පාහේ ආනයනය මත පදනම් වන තවත් ක්ෂේත්‍රයක් වන ඖෂධ සැපයුම යම්තාක් දුරකට හෝ නිසි පරිදි ක්‍රියාත්මක වීම අස්වැසිල්ලකි.මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව ප්‍රකට රහසකි.ඇතැම් ඖෂධවල ඇති වූ හිඟකම නිසා මරණ සිදුවූ බවට සමාජ මාධ්‍ය වාර්තා කළ ද පිළිගත් මාධ්‍ය වලින් එම තොරතුරු සනාථ කොට නැත.මෙසේ රාජ්‍ය අංශය ඖෂධ සැපයුම අතින් අකර්මණ්‍යව යද්දි ලංකාවේ ඖෂධ ආනයනය කිරීම සහ බෙදාහැරීම අඩපණ නොවීමේ ගෞරවය පෞද්ගලික අංශයට අනිවාර්යෙන්ම හිමිවිය යුත්තකි.
තත්වය එසේ වුවද මෙලෙස පෞද්ගලික අංශය මගින් ආනයනය කරන ලද ඇතැම් ඖෂධවල මිල ගණන් ඉහළ යාම පිළිබඳව කතිකාවතක් සමාජය තුළින් මතු වී ඇත. විශේෂයෙන් එකම නිෂ්පාදිත දිනය සහිත එකම කාණ්ඩයේ ඖෂධවල මිල පවා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් මැසිවිලි නගන බව බොහෝ තැන්වලින් වාර්තා වේ.ඊට හේතුව වන්නේ ඖෂධ ආනයනය ක්‍රියාවලිය පිළිබඳව අප රටේ ජනතාව තුළ පවතින අඩු දැනුවත් බවයි.

අනෙකුත් ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා මෙන්ම ඖෂධ ආනයනය සිදුවන්නේ ණයවර ලිපි මත පදනම්වය. ඒ සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ අදාල ණයවර ලිපියට පදනම් වන ගෙවීමේ කාලසීමාව නිම වු පසු එකඟ වී ඇති විදේශ මුදල් වලිනි.මේ නිසා ඖෂධ ආනයනය ක්‍රියාවලියේදී මිල ගණන් තීරණය වීමේදි විදේශ විනිමය අනුපාතයේ සිදුවන වෙනස් වීම්වල බලපෑමෙන් මිදිය නොහැක.මේ නිසා එකම නිෂ්පාදිත දිනය සහ එකම කාණ්ඩ අංකය සහිත ඖෂධවල මිල පවා තීරණය වන්නේ ඒවා ආනයනය කළ දිනයේදී ගණනය කළ මිල නොව ඒවා වෙළඳපළට නිකුත් කරන්න දිනයේ ගණනය කළ මිල මත පදනම්වය .පසුගිය දිනවල රුපියලට සාපේක්ෂව විදේශ මුදල් අනුපාත වල සිදුවුනු ඇදහිය නොහැකි වෙනස්වීම් පිළිබඳව දන්නා සාමාන්‍ය පුද්ගලයෙකුට වුවත් මෙම තත්ත්වය වටහා ගැනීමට හැකියාව ඇත.

එසේම අමතක නොකළ යුතු තවත් කරුණක් වන්නේ ඖෂධ ආනයනය සිදු කරනු ලබන පෞද්ගලික ආයතනවලට කිසිසේත්ම තම සිතැඟි පරිදි ඖෂධවල මිල ගණන් වෙනස් කිරීමට අවස්ථාවක් කිසිසේත් නැතිවීමයි.ඔවුන්ට ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.එම අධිකාරිය ඖෂධ ආනයනය කිරීමේදී අදාළ ආනයනයකරුට තමන්ගේ වියදම් ආවරණය කරගෙන අවම ලාභයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී පාරිභෝගිකයාට සහන මිලට ඖෂධ ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් කැප වී සිටින ආයතනයකි.මේ අවස්ථාවේදී විදෙස් මුදල් අනුපාතයේ උච්චාවචනය අනුව අදාළ මිල සඳහා අවස්ථාව ලබා දීම හැර වෙනත් විකල්පයක් ද එම ආයතනයට නොමැත.

යම්කිසි විදිහකින් එම මිල වැඩිකිරීම් සඳහා වන සාධාරණ ඉල්ලීම් අනුමත නොකළ හොත් අදාල ආනයනය කරුවන් එකී ක්‍රියාවලියෙන් ඉවත් වීම තුළ රට තුළ මාරාන්තික සහ බරපතළ ඖෂධ හිගයක් ඇතිවීම වැලැක්විය නොහැක්කකි.

ඉහත සඳහන් කළ පරිදි ඖෂධ ආනයනය කරුවන් අවම ලාභයකින් යුතුව මෙම කටයුත්ත සිදු කරන නිසා රජයේ වගකිවයුතු අංශ මේ පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීමත් කළ යුතුය.කෙසේ නමුත් මෑත අතීතයේ අපට ලැබී ඇති අත්දැකීම් මත එය සියලූ වීමට වඩා සිදු නොවීමට ඇත්තේ වැඩි ඉඩකඩකි