ඔස්ට්‍රේලියා රජය විසින් එරට පුරවැසියන්ට පනවා තිබූ අවසරයකින් තොරව විදෙස්ගත වීමේ තහනම ලබන සතියේදී ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට ඔස්ට්‍රේලියාව පසුගිය මාස 19ක් පුරා ලොව සෙසු රටවලට වඩා නීතිරීති දැඩි කර තිබිණි.
ඒ අනුව ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්ට විදෙස් ගමන්වල යෙදීමට අවසර හිමි වනු ඇත. එරට ජනතාවට බලපා තිබූ නීති රීති ලිහිල් කිරීමට අමතරව විදේශිකයන්ට පනවා තිබූ ඇතැම් සීමා තහංචි ද ඉදිරියේ ඉවත් කිරීමට ඔස්ට්‍රේලියා රජයේ අවධානය යොමු වී ඇත.
එමෙන්ම මේ වසරේ නිමාවට පෙර කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් පුහුණු ශ්‍රමිකයන්ට සහ අන්තර්ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකිවනු ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.