11ක් මරුට
නැගෙනහිර ඉරාකයේ දියාලා ප්‍රාන්තයේ ගම්මානයකට එල්ල වූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඉරාකයේ හමුදා ආරංචි මාර්ගවලට අනුව තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇතැයි වැඩි දුරටත් වාර්තා විය.
අනාරක්ෂිත සිවිල් වැසියන් ඉලක්ක කරමින් මේ අයිඑස් ප්‍රහාරය එල්ල වී ඇත්තේ අල් හවාෂා නමැති ගම්මානයටය. අර්ධ ස්වයංක්‍රීය රයිෆල් භාවිත කරමින් ප්‍රහාරය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉරාක හමුදාව ප්‍රකාශ කළේය.
මේ අතර ඉරාකයේ ජනාධිපති බර්හාම් සාලි ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ එරට ආරක්ෂාව ඉහළ දැමීමට කාලය එළැඹ ඇති බවය. එමෙන්ම ප්‍රහාරය හෙළා දකින බවත්, අයිඑස් තර්ජන අඩුතක්සේරුවට ලක් නොකළ යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.