33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙට්බෝල් නාම යෝජනා 5කට විරෝධතා

නෙට්බෝල් නාම යෝජනා 5කට විරෝධතා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නාම යෝජනා 5කට විරෝධතා ගොනු වෙයි. සභාපති තනතුරට නාමයෝජනා ලබාදී තිබූ රංජනී ජයකොඩි, හයසින්ත් විජේසිංහ හා ගීතා පතිරණ මහත්මීන්ට හා ලේකම් තනතුරට නාම යෝජනා භාර දුන් චම්පා ගුණවර්ධන හා භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා දී තිබු පද්මිණී හොරණගේ මහත්මීන්ට එරෙහිව විරෝධතා ගොනු වී තිබිණි.

රංජනී ජයකොඩි මහත්මිය ලබාදී ඇති සහතිකවල දෝෂයන් ඇති බවට විරෝධතාවක් ඉදිරිපත්ව තිබූ අතර, හසින්ත් විජේසිංහ මහත්මිය දැනට පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරන බවට හා ගීතා පතිරණ මහත්මියගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය පිළිබඳ විරෝධතා ගොනු වී තිබිණි. එමෙන්ම චම්පා ගුණවර්ධන හා පද්මිණී හොරණගේ මහත්මීන්ට එරෙහිව පසුගිය කාලයේ නෙට්බෝල් සම්මේලනයේ සිදුව ඇතැයි කියන ගිණුම්කරණ කටයුතු සම්බන්ධයෙන් විරෝධතා නැගුණි. විගණකාධිපතිවරයා අනුමත නොකරන ලද ගිණුම් සාමාජික සංගම්වලට ලබාදී ඇතැයි ද විරෝධතා මගින් ඉදිරිපත් වී තිබිණි.

කෙසේ වුවද මේ විරෝධතා සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව නෙට්බෝල් සම්මේලනයේ නිලවරණ කමිටුව සඳහන් කළේය. කොරෝනා හේතුවෙන් කල් ගිය නෙට්බෝල් සම්මේලනයේ නාමයෝජනා අලුතින් කැඳවීමට නිලවරණ කමිටුව කටයුතු කොට තිබූ අතර, නෙට්බෝල් නිලවරණය ලබන මස 15දා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙතෙක් නෙට්බෝල් සම්මේලන ඡන්ද විමසීම සඳහා සාමාජික සංගම් 33ක් ඡන්දය ප්‍රකාශ කළද මෙවර නිලවරණය සාමාජික සංගම් 24කට සීමා කොට තිබේ. මෙලෙස ඡන්ද අයිතිය අහෝසි කොට ඇත්තේ තරුණ සේවා, නිදහස් වෙළෙඳ කලාප, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මාතර, වව්නියාව, මුලතිව්. හමුබන්තොට හා මාතර සංගම් වේ.

නෙට්බෝල් සම්මේලනයේ මෙතෙක් පැවැති උප සභාපති තනතුරු 3ක් හා නියෝජ්‍ය සභාපති තනතුරක් අහෝසි කොට ඇති අතර තරග කමිටු ලේකම් තනතුර ද මෙම නිලවරණයේදී නොසලකා හැර තිබේ. නෙට්බෝල් සම්මේලනය සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, උප භාණ්ඩාගාරික හා උප ලේකම් යන තනතරුවලින් පමණක් සමන්විය යුතු බවට නෙට්බෝල් නිලවරණ කමිටුව තීරණය කොට ඇත. උප සභාපතිවරයා ඡන්දයෙන් තෝරා නොගන්නා අතර එම අවස්ථාව පාසල් නෙට්බෝල් සංගමයට ලබාදී ඇත.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණයට අදාල නාම යෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) – කෝකිලා ගුණවර්ධණ (ගම්පහ) , රංජනී ජයකොඩි (මාතලේ), පද්මා බැද්දේවෙල (කොළඹ), හයසින්ත් විජේසිංහ (කෑගල්ල), ගීතා පතිරණ (බදුල්ල)

ලේකම් (තනතුරු 1යි) – චම්පා ගුණවර්ධන (කලුතර), කුමුදුනී ගෝමස් ( බස්නාහිර)

භාණ්ඩාගාරික (තනතුරු 1යි) – පද්මිණී හොරණගේ (කොළඹ), සංජීවනී පීරිස් (වෙළද සේවා)

උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) – වි ඩී. ටී. සුමිත්‍රා (රාජ්‍ය සේවා), ඉන්දීවරී මධුෂිකා (ජනසතු සේවා)

උප ලේකම් (තනතුරු 1යි) – සුභානී උඩවත්ත (කොළඹ), ටී. අබීතා (යාපනය)