― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරුසියානු ගුවන් යානය රදවා ගැනීමේ වරද පිස්කල්ගේද ?

රුසියානු ගුවන් යානය රදවා ගැනීමේ වරද පිස්කල්ගේද ?

රුසියානු ගුවන් යානය රදවා ගැනීමේ වරද පිස්කල්ගේද ? මේ සිදුවීමට සැබෑ වගකිවයුත්තන් රටට හෙලි කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 22 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේබව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

එරෝෆෝලොට්    ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිද්ධිය කියන්නේ ඉන්දියාවෙන් තෙල් ගන්නේ ඇයි රුසියාවෙන් තෙල් ගන්නේ නැතිව කියලා අහපු එකට දීපු උත්තරයක්.

 ඒ ගුවන් සේවයේ ගුවන් යානා සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා බටහිර යුරෝපීය රටවල් වලින් කල්බදු ක්‍රමයට ගත්ත ඒවා.

 යුක්රේන් යුද්ධය ආවට පස්සෙ රටවල් කිව්වා සමාගම්කි ව්වා අපිට ඒ ගත්තු ගුවන්යාන ආපහු දෙන්න කියලා.

 රුසියාව කිව්වා නෑ අපි එහෙම දෙන්නේ නෑ දැනට ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. ගිවි

සුම් කාලය අවසන් වන තුරු අපි මේ ගුවන් යානා කල්බදු ක්‍රමයට තියාගන්නවා කියලා.

 ඊට පස්සේ අර සමාගම් කිව්වා අපේ රටවල් වලට මේ ගුවන් යානා බැස්සොත් අපි මේවා තියාගන්නවා කියලා. ඊට පස්සේ තමයි රුසියාව විවිධ රටවල් වලින් ඇහුවේ මේ ප්‍රශ්නය තියෙනවද ඔබේ රටේ.

 අපේ ගුවන් යානයක් ආවොත් ඔබේ රටේ රඳවා ගන්නවද කියල ඇහුවෙ.

 ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ලිඛිතව දීලා තියෙනව ලියුමක් මේ ප්‍රශ්නය ලංකාවට අදාළ නැහැ ඔබේ ගුවන් යානා    ලංකාවට එන්න කියලා.

 අපේ තේ ආදායමෙ න්සි යයට හතළිහක් විතර එන්නේ රුසියාවෙන්.

 අගෝස්තු ඉඳලා මාර්තු දක්වා ලක්ෂ හතරක සංචාරකයින් ප්‍රමාණයක් රුසියාවේ ඉඳල ලංකාවට එන්න සූදානමින් හිටියා.

 අර ලිපිය උල්ලංඝනය කරමින් මේ ප්‍රශ්නයට මැදිහත් වුනා.

 ජාත්‍යන්තර බේරුම්කරණය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති වලට ලංකාව අත්සන් කරල නෑ රටක් විදිහට.

 ජාත්‍යන්තර සමාගම් දෙකක් අතර තියෙන නඩු විසඳීමේ බලය ලංකාවේ අධිකරණයට නෑ. ඒක විනිසුරුවරයා දන්නෙ නැද්ද.

මේ සම්බන්ධ නීතිපතිවරයාගේ උපදෙස් ගන්න විනිසුරුවරයා මැදිහත් නොවුනෙ ඇයි.

 මේ ගුවන් යානය රඳවා ගැනීමත් එක්ක විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ආවා ඒ අර්බුදය වගඋත්තරකාරයා වෙලා තියෙන්නේ මේ වාරණ නියෝගය අරන් ගිහිල්ලා බා රදුන්න පිස්කල්.

 රාජ්‍ය සේවයේ ඉන්න පහළම නිලධාරියා හොයාගෙන එයාගෙ තමයි දැන් වැඩ තහනම් කරලා තියෙන්නේ.

 අගමැතිගේ ඇමතිලාගේ ඉඳලා මැදිහත් වුණා කියන සිදුවීමක් සම්බන්ධ අන්තිමට නිවේදනය ගිහිල්ලා බාර දුන්න පි

ස්කල්ගේ වැඩ තහනම් කරලා.

 පිස්කල් ගේ වැඩ තහනම් කරේ ඇයි කියලා අහපුවාම කියපු දෙයක් තමයි එවැනි වාරණ නියෝගයක් නිකුත් කරලා නෑ කොළඹ වාණිජ මහා අධිකරණය නිකුත් නොකළ වාරණ නියෝගයක් තමයි පිස්කල් විසින් භාර දීල තියෙන්නෙ කියලා.

 ඕව කියන්න හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට. එහෙමනම් කොහොමද කොළඹ වාණිජ මහා අධිකරණය වාරණ නියෝගය අස්කර ගත්ත කියල කිව්වෙ.

 මෙන්න අපි ළඟ තියෙනවා වාරණ නියෝගය විනිසුරුවරයා අස්සන් කරල. මේ බලන්න රෙජිස්ටර් වාණිජ මහා අධිකරණය අත්සන් කරලා කියලා තියෙනවා  පලවෙනි විත්තිකරුට සහ දෙවැනි විත්තිකරුට මේ නොතේසි බාර දෙන්න කියලා.

 විනිසුරුවරයා එහෙම නියෝගයක් නිකුත් නොකලානම් රෙජිස්ටර් ඇයි එහෙම කලේ කියල අහන්න ඕනා.

 මේකට අදාලව විනිසුරුවරයා නිකුත් කරලා තියෙන එකේ නිශ්චිතව තියෙනවා පළවෙනි විත්තිකරු සහ  පලවෙනි විත්තිකරුට නියෝග පැනවීමේ බලය සහිත නිලධාරියාට වාරණය නිකුත් කරනවා කියලා.

 පලවෙනි විත්තිකරු රුසියානු ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළේ දී ඒකට නියෝග නිකුත් කිරීමේ බලය සහිත නිලධාරියා තමයි ගුවන් ගමන් පාලක වරයා.

ඒ දෙන්නටම නියෝගය නිකුත් කරලා. මේක මෙච්චර හදිසියේ අතින් ගිහිල්ලා භාර දුන්නෙ ඇයි කියලා අහල තියෙනවා.

මෙන්න උසාවි පොතේ සටහන.මේක තියෙනවා මේක වහාම ෆැක්ස් කරන්න. ෆැක්ස් කිරීමට අමතරව  අතින් ගිහින් බාර දෙන්න කියලා.

 මේ තියෙන්නෙ උසාවියේ රෙජිස්ටාර්යො දපු සටහන්.

මොනවද මේ කරන විකාර මොකක්ද මේ කියන්නේ.

 ප්‍රශ්නයක් තියෙනවනම් පිස්කල් ඇයි පැමිණිල්ලේ නීතිඥයින් එක්ක ගිය කියන එක තමයි ප්‍රශ්නය.පැමිණිල්ලේ නීතිඥයෝ අයුතු බලපෑමක් මෙතැනදි කරලා තියනවා.

 මේ දවස් වල ප්‍රවාහන අපහසු කම් තියෙන නිසා වාරණ නියෝග භාර දෙද්දී පැමිණිල්ල විසින් ප්‍රවාහන පහසුකම් සැපයීමේ සම්ප්‍රදායක් ලංකාවේ සියලු  උසාවිවල ඇවිල්ල තියෙනව.

 පි ස් ක ල් ට විතරයි ඇතුල් වෙන්න පුළුවන් ගුවන් ගමන් පාලක ගෙ කාර්යාලයට කොහොමද නීතිඥයා ඇතුල් උනේ.

 මෙන්න සීසීටීවී දර්ශන, පිස්කල් සමග නීතිඥයෝ ඇතුල්වෙනවා දොරටුවෙන් මේ ඉන්න ආරක්ෂක නිලධාරියා කිසිදු බාධාවකින් තොරව පරිශ්‍රයට ඇතුළු වෙන්න ඉඩ දෙනවා නීතීඥයින්ට.

 පිස්කල්වරයා දුරකථන ඇමතුමක් දීලා විමසනව ගුවන් ගමන් පාලක ගෙන්. මම ඇවිල්ලා ඉන්නව නීතිඥයෝ ඇවිල්ල ඉන්නවා කියලා දෙන දුරකථන ඇමතුමට අරයා දෙන උත්තරය තමයි නීතීඥයා අරගෙන එන්න කියලා.

 අන්තිමට පහත් තැනින් යයි ගලා ජලය වගේ පිස්කල් ගේ වැඩ තහනම් කරලා ඒ මනුස්සයගේ රස්සාව නැති කරල මොකක්ද මේ කරන්නේ.

 ලංකාවේ පිස්කල් ලගෙ වෘත්තිය සමිතිය මොනවා කරනවද මේ වෙලාවේ. ඒගොල්ලො මේ අසාධාරණය සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ.

 අගමැතිවරයා මුරණ්ඩු ලෙස හිටිය මේ ගැන තානාපති කාර්යාල එක්ක සාකච්ඡා කරන්නේ නැහැ කියලා.

 ජනාධිපති වරයාගේ කටේ පිට්ටු මේ ප්‍රශ්නය ගැන වචනය කතා කරේ නැහැ.

මේවා පිටිපස්සේ ඛනිජ තෙල් මාෆියාවක් තියෙනවා.