― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහජන බැංකුවට අධිකරණ තීන්දුවට හිස නැමීමට සිදු වෙලා

මහජන බැංකුවට අධිකරණ තීන්දුවට හිස නැමීමට සිදු වෙලා

පා.ම. චන්දිම විරක්කොඩි

රටේ නිතියට අනුව අධිකරණය මඟින් ලබාදෙන තීන්දුවට මහජන බැංකුවට ද හිස නැමීමට සිදු වෙලා තියෙනවා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ගාල්ල හපුගල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නි‍ෙවසේ (30) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රිවරයා එහිදී මෙසේද කිවේය.

“අධිකරණයට තින්දුවක් ලබාදෙන්න හැකිවන ආකාරයට නීතියට පටහැනිව මේ කටයුතු තීරණය කිරීමේ වගකීම කාටද තියෙන්නේ. බැංකුව බැංකුව හැටියට අසරණ වෙලා ජනතාව ජනතාව හැටියට අසරණ වෙලා විදේශ කටයුතු අමාත්‍යාංශය අසරණ වෙලා. රට රට හැටියට අසරණ වෙලා. මිට පස්සෙ වත් රටේ නීතිය අනුව කටයුතු කළයුතුයි.

නියමිත ක්‍රමවේද භාවිත කිරීමකින් තොරව හිතෙන හිතෙන විදියට නීතියට උඩින් රටේ වැඩපිළිවෙළට හා පාර්ලිමේන්තුවට උඩින් ජනාධිපති ලේකම්ලා ක්‍රියාත්මක වෙන්න ගත් විට වෙන දේ තමයි මෙක. නිති රෙගුලාසිවලට පටහැනිව පොහොර ගෙන්වීමට තින්දු කරලා. දැන් පොහොර නැතිවෙලා නුසුදුසු පොහොරක් ගෙනෙවිද කියා රටම භිතියට පත් වෙලා. ලෝකයේ සියලුදෙනා තරහ කරගෙන තරහ කරගෙන ගිහින් චීනයත් අපිත් සමඟ තරහවෙන මට්ටමට පත්වෙලා. මේ සඳහා වගකියන්න ඕන තීන්දු තිරණ ගන්නා අය. තීන්දු තීරණ ගැනීමේ දි රටේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. තියෙන ක්‍රමවේද අනුගමනය කරන්න, එසේ නොකළ හොත් මිටත් වඩා බරපතළ තත්ත්වයක් රටේ ඇතිවෙන්න පුළුවන්.

රජයක් හැටියට තීරණ ගන්නා විට රටක නීතියක් රෙගුලාසි හා චක්‍රලේඛ විදිමත් ක්‍රමවේද වඩපිළිවෙළ තියෙනවා. පොහොර ලංකාවට ගෙන්විමේ දි අවශ්‍යකරණ සුදුසුකම් සපුරාලිය යුතුයි. පොහොර ශාකයට මෙන්ම එම ශාක අනුභවකරණ ජනතාවට බලපානවා. පොහොර වර්ගයක් හදුන්වා දීමේ දි පර්යේෂණාගාර පරීක්ෂණයක් කළ යුතුයි. ඊට පසු ගොවිබිමේ පරීක්ෂණයක් කළයුතුයි. එම පරීක්ෂණවල ප්‍රථිපල අරගෙන විද්වත් කමිටුවකින් තමයි ඒ පොහොර වර්ගය ලංකාවේ භාවිතයට සුදුසුද කියලා තිරණය කරන්නේ.”

දික්වැල්ලේ තිලකරත්න – ගාල්ල උතුර සමූහ