― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලෝක බලවතුන් හමුවේ අපේ රටට දණින් වැටීමට සිදුව තිබෙනවා

ලෝක බලවතුන් හමුවේ අපේ රටට දණින් වැටීමට සිදුව තිබෙනවා

එජාප සභාපති වජිර අබේවර්ධන

ඉන්දියාවේ අදානි වැනි මෙරට බිහිවූ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බොළඳ දේශපාලනඥයන් විසින් විනාශ කිරීම නිසා අද ශ්‍රී ලංකාවට ලෝක බලවතුන් හමුවේ දණින් වැටීමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (31) ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

“කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකයේ බොහෝ රටවල් අලුත් නීතීරීතී සම්මත කරගත්තා. ඒම රටවල ආර්ථිකය ශක්තිමත් කිරීමට සැලසුම් සහගතව පියවර ගත්තා. නමුත් ලංකාවේ කිසිඳු තීන්දුවක් මේ වෙනකල් අරගෙන නැහැ.

මේ තත්ත්වයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීම සඳහා ලෝකයේ පිළිගත් ආර්ථික ප්‍රතිපත්ති හා මුදල් රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව හසුරවමින් ඉදිරියට යා යුතු බව අපේ අදහසයි. අවුරුදු 10 කට 15 කට වෙනස් කළ නොහැකි ප්‍රතිපත්ති මාලාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරමින් මහජනතාව ආරක්ෂා කිරීම අපේ අරමුණයි. ඒ සඳහා වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.

අද රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය විය යුත්තේ පළාත් සභා හෝ වෙනත් මැතිවරණයක් නොව මේ රටේ අහිසංක අසරණ මිනිස්සු ජීවත් කරවීමයි. වත්මන් පාලනය යටතේ අසීමිත ලෙස බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන තත්ත්වය මත ජනතාව ජීවත් වීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. එය කොතෙක්ද කියනවානම් කුසට අහරක් නොමැතිව තුන් දවසක් දුක් විඳ මවක් දරු දෙදෙනාටත් වස දී දිවි හානි කර ගනී යන සිරස්තලය යටතේ ප්‍රධාන පුවත්පත්වල ප්‍රවෘත්ති පලවී තිබෙනවා මා දුටුවා.”

ශිරෝමි අබයසිංහ