― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෘත්තීය සමිති ගන්න සෑම තීන්දුවක්ම හරි කියලා කියන්න බැහැ

වෘත්තීය සමිති ගන්න සෑම තීන්දුවක්ම හරි කියලා කියන්න බැහැ

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

විදුලි ඒකකයක මිල අඩු වෙනවාට වෘත්තීය සමිති විරුද්ධ වෙනවා නම් එතැන වෙනම දේශපාලන අරමුණක් තිබෙන බව පෙරේදා (30) පෑලියගොඩ නව කැලණි පාලම අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නියැළුන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.

“වෘත්තීය සමිති ගන්න සෑම තීන්දුවක්ම අපිට හරි කියලා කියන්න බැහැ. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවල නියෝජනයක්. පසුගිය කාලේ වරායේ වෘත්තිය සමිති නැගෙනහිර ජැටියට විරුද්ධ වුණා. ඒකෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි සටන් කරලා නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සන්තකයේ තියාගෙන ඊට වඩා හොඳ ප්‍රමාණයෙන් විශාල බටහිර ජැටිය ලබාදුන්නු එක. වෘත්තිය සමිති දේශපාලන කෝණයෙන් බැහැරව මේ රටට විපතක් වනවානම් ඒ ගැන සොයා බැලිය යුතුයි. විදුලි ඒකකයක මිල අඩු වෙනවා නම් ඇයි වෘත්තීය සමිති ඒකට විරුද්ධ වන්නේ. ආණ්ඩුව අඩු මිලට විදුලිය ලබා ලබාගැනීමට කටයුතු කරනවා නම් ඒක දූෂණයක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිති වැඩි මිල සම්බන්ධයෙන් පෙනී සිටිනවා නම් එතැන වෙනම දේශපාලන අරමුණක් තිබෙනවා. මේ රටේ ජනතාව දින දෙකක් අඳුරේ තැබීමට වෘත්තීය සමිති සූදානම් වෙනවා නම් ඒක මොනතරම් අසාධාරණ තීරණයක්ද? ඒ ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව කල්පනාකාරීව බැලිය යුතුයි. රජය මේ අවස්ථාවේ විදුලි මිල අඩු කර ගැනීමට කටයුතු සැලසුම් කරන එක ජනතාව ලබන ජයග්‍රහණයක්.

මේ උද්ඝෝෂණ රැල්ල පිටිපස්සේ තිබෙන්නේ වෙනත් දේශපාලන යටි අරමුණක්. දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ව සල්ලි දීලා උද්ඝෝෂණ වලට උසිගන්වනවා. මේ විරෝධතා පිටිපස්සේ වෙනත් හස්තයක් තිබෙනවා. විරෝධතා කරන්න සීමාවක් තිබෙනවා. දැන් කවුරු හෝ ලබා දෙන මුදල් වලට තමයි උද්ඝෝෂණ කරන්නේ

අලුතින් දේකට හුරු කරවන්න ගියාම මෙවැනි ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. මේවා කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටිනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් නොයකුත් දේවල් කියනවා. අපි මේකේ සාර්ථක අසාර්ථක තත්වය බලමු. රජයක් හැටියට මේක සාර්ථක වෙනවා යැයි අපි කියනවා. අපි මේකට රජයක් විදිහට සාර්ථකව මුහුණ දෙනවා. කොවිඩ් වසංගතය සහ පොහොර ප්‍රශ්නය ඡන්දය වලට හරවා ගන්න එපා කියලා විපක්ෂයට කියනවා. ප්‍රේමදාස මහත්තයා ඡන්ද දෙකක් පරාදයි. දිසානායක මහත්තයාගේ පාර්ලිමේන්තුවේ හය තුනට බැස්සෙත් ඡන්ද වලින්. අහිංසක මිනිස්සුන්ව හිර කරන්න එපා කියලා මම විපක්ෂයට කියනවා.”

ක්‍රිසන්ති විතාරණ