― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑජාප හෝ සජබ ආණ්ඩුවක් ගේන්න තරම් රටේ රැල්ලක් ඇති වී නෑ

එජාප හෝ සජබ ආණ්ඩුවක් ගේන්න තරම් රටේ රැල්ලක් ඇති වී නෑ

වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතාව කළකිරී සිටියද එජාප ආණ්ඩුවක් හෝ සමඟි ජනබලවේග ආණ්ඩුවක් පත් කර ගැනීමට රටේ රැල්ලක් ඇති වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (01) පැවසීය.

2015 දී බිහි කරගත් ආණ්ඩුව ජනතාවගේ බපාපොරොත්තු කඩ කිරීම ඊට හේතු වී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි. නැවත සේනානායක යුගයක් හෝ රණසිංහ ප්‍රේමදාස යුගයක් හෝ ඇති කළ ද ඒ තත්ත්වය වෙනස් කළ නොහැකි බව ද හෙතෙම පෙන්වා දෙයි. පෙළපාළි හා උද්ඝෝෂණ පැවැත් වූ පමණින් ආණ්ඩු පිහිටුවීමට නොහැකි බව සඳහන් කළ ඔහු නව යුගයක් බිහි කරගැනීමට නම් නව පරම්පරාවකට අවස්ථාව දිය යුතු බවද වැඩි දුරටත් කීවේය.

පහන් විජේසේකර