පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක
එක දවසක් රට වැහුවාම ආණ්ඩුවට කෝටි 450ක පමණ පාඩුවක් සිදු වෙනවා. රට මාස ගණනක් වහලා තිබු නිසා තමයි, අද මේ තත්ත්වයට හරි රට බේරාගෙන තිබෙන්නේ. ඉදිරියේදී බඩු මිල තවත් වැඩි වෙයි. ඉන්ධන මිල ඉහළ යයි. ගොඩක් නැතිබැරිකම්වලට අපට මුහුණ දෙන්න වෙයි. මේ ප්‍රශ්නයට අප හුරු වෙන්න ඕනෑ. යැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පූඬළුඔය ප්‍රදේශයේ පෙරේදා (31) පැවති රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“මේ ආණ්ඩුව අද ඉතාම අමාරුවෙන් තමයි යන්නේ. අපට තිබු ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල කඩා වැටිලා. ප්‍රධානතම ආදායම් මාර්ගය වන සංචාරක ව්‍යාපාරය අද බිංදුවටම වැටිලා. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ පවුල් ලක්ෂ 29ක් ඉන්නවා අද යන එනමං නැතිව. දෙවෙනි ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස අපට තිබුණේ විදේශීය ශ්‍රමිකයන් ලංකාවට එවූ සල්ලි. ඒකත් අද සහමුලින්ම ඇද වැටිලා. තුන් වෙනි ආදායම් මාර්ගය ලෙස අපට තිබුණේ ඇඟලුම් කර්මාන්තය. ඒවායේ මහපු රෙදි ටික අපට පිටරටට යවා ගන්න නැව් නැති වුණා. නැව් ගාස්තු අද වෙන කොට 300%කින් වැඩි වෙලා. මේ සියල්ල මධ්‍යයේ රට මාස ගණනක් වහලා තිබුණා.
රෙදිපිළිවල අඩුපාඩුකම් හා අපි එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳපොළේ විශාල කඩා වැටීමක් සිදුව තිබෙනවා. චීනයේ මේ වන විටත් ගල් අඟුරු නිෂ්පාදනය වෙන්නේ නැතිව ප්‍රාන්ත 09ක විදුලිය විසන්ධි කර තිබෙනවා. ඉන්දියාවේ සමහර දේවල් නිෂ්පාදනය කර ගන්න බෑ. ඒ නිසා ඉදිරි මාස 06ක් 07ක් අපට විශාල කරදර වෙයි. වැඩිහිටියන්ට මතක ඇති 1972, 1978 කාලයේ මුළු ලෝකයම මේ වගේ අහේනියකට වගේම සාගතයකට මුහුණ දුන්නා.”
මස්කෙළිය සමූහ – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක