― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ ආණ්ඩුව අද වෙද්දී විදේශ රටවල් ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක් කරලා

මේ ආණ්ඩුව අද වෙද්දී විදේශ රටවල් ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

ශාක නිරෝධායන වාර්තා නොමැතිව ණයවර ලිපි නිකුත් කොට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළ අය සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් රටම බලාගෙන සිටින බවත්, රටේ ජනතාව අතර බ්ලැක්ලිස්ට් වෙලා රට ඇතුළේ අසාදු ලේඛන ගත වෙලා ඉන්න මේ ආණ්ඩුව අද වෙද්දී විදේශ රටවල් ඉදිරියේ අපේ ලංකාව හෑල්ලුවට ලක් කර ඇති බවත් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“. අපේ රටේ බැංකුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ රටක පෞද්ගලික ආයතන ගනුදෙනුවකට black list කරලා. කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඔ⁣ට්ටුවට තියලා සූදු ගැසූ ආණ්ඩුවකට මේකට වගකියන්න සිද්ධ වෙලා. පොහොර පරික්ෂා කරන්න කලින් ණයවර ලිපි නිකුත් කරන්න නියෝග දුන්නේ කවුද කියලා රටේ ජනතාව දැන ගත යුතුයි. මෙහෙම දෙයක් රටට ගේන්නට පෙර 1999 අංක 35 දරන පනතට අනුව ශාක නිරෝධායන ආයතනයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ගත යුතුයි. රජය පැත්තෙන් දූෂිත ගනුදෙනු පිළිබඳව පරස්පර අදහස් ප්‍රකාශ වෙනවා. කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා, ණයවර ලිපිය නිකුත් කරන්න කලින්ම චීන නැව පිටත් වෙලා කියලා. ණයවර ලිපි නිකුත් කිරීමට කලින් මේවා පරික්ෂා කළ යුතුව තිබෙනවා. පිටරටවලින් ගේන ඕනම දහ ජරාවක් බාර ගන්න අපිට හැකියාවක් නැහැ. ශාක නිරෝධායන ආයතනය පරීක්ෂණ වාර්තා එන්නට කලින් ණයවර ලිපි නිකුත් කළේ කුමන හේතුවක් නිසාද යන්න මාධ්‍ය විමසන විට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා ලංකාවේ තිබෙන රජයේ පොහොර සමාගම් දෙකම කිව්වලු ඉක්මනින්ම ණයවර ලිපි නිකුත් කරන්න කියලා. අපි දන්න හැටියට මේ පොහොර සමාගම් දෙක රජයේ පාලනය යටතේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා හා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමැතිවරයාගේ අමාත්‍යංශවලට අදාළ ඒවා.

මේ මුදල් විශාල සූදුවට යොදවා අවදානමකට පත් කිරීම විශාල අපරාධයක්. දැන් ඒකට ජනාධිපති විශේෂ කමිටුවක් පත් කරලා. අපේ රටේ ජනාධිපති කමිටු, ජනාධිපති කොමිසම්, ජනාධිපති කාර්ය සාධන බළකා හරියට වඳු⁣රෝ ගෙවල් හදනවා වගේ තමයි.”

පහන් විජේසේකර