― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි කියපු දේ පාලකයෝ ඇහුවා නම් අද රටට මෙහෙම වෙන්නෙ නෑ

අපි කියපු දේ පාලකයෝ ඇහුවා නම් අද රටට මෙහෙම වෙන්නෙ නෑ

මහා සංඝරත්නය බොහෝ අවස්ථාවලදී රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් පාලකයන්ට උපදෙස් ලබාදෙන නමුත් කිසිදු පාලකයෙකු මහා සංඝරත්නය ලබාදෙන උපදෙස් අනුගමනය නොකරන බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි.

මහා සංඝරත්නය ලබාදුන් උපදෙස් අනුගමනය කළේ නම් රටට මෙතරම් අභාග්‍යයක් උදා නොවන බව නාහිමියෝ පෙන්වා දුන්නේය.

මේ වනවිට රටට උදා වී ඇති අභාග්‍යසම්පන්න තත්වය සම්බන්ධයෙන් කුඩා දරුවෙකුට පවා යම් අවබෝධයක් තිබෙන බව පෙන්වා දෙන මහ නාහිමියෝ පවසන්නේ කෙසේ නමුත් පාලකයන් අර්බුදය නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේද යන්න පැහැදිලි නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් තමාට බරපතල කණගාටුවක් තිබෙන බවද ඥානරතන නාහිමි සඳහන් කළේය.