― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් රථ ධාවනය 10% දක්වා පහළට - දුම්රියත් කොට උඩ

බස් රථ ධාවනය 10% දක්වා පහළට – දුම්රියත් කොට උඩ

ඉන්ධන අර්බුදය හා තෙල් මිල ඉහළ යාමත් හේතුවෙන් පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේ වන විට දැඩි අපහසුතාවට ලක්ව තිබේ.

එමෙන්ම බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමද වැඩි වී ඇති අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය නියාමකවරුන් ඇතුළු සේවකයන්ට සිය රාජකාරිවලට වාර්තා කිරිමේ ගැටළු හේතුවෙන් ඊයේ (29) කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 28ක් අවලංගු කර තිබුණි.

මෙලෙස අවලංගු කළ දුම් රිය අතරට දුර ගමන් සහ කාර්යාල දුම්රියද ඇතුළත්ය. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 16ක් සහ මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන කරන දුම්රිය කිහිපයක්ද අවලංගු කළ දුම්රිය යටතට ඇතුළත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම හේතුවෙන් ඊයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගෙන තිබේ.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නිල නිවාස නොමැති දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැති වීම නිසා රාජකාරියට වාර්තා ගැටළු පවතින බැවින් ඊට විසදුම් දීමට බළධාරින් අපොහොසත් වී ඇති බවත්ය.

එසේ නොකළහොත් ඉදිරියේදි තවදුරටත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, පාර්සල් ප්‍රවාහනය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල ප්‍රමාදයන් සිදු විය හැකි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.

බස්රථ ධාවනය අඩු වීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා තිබේ.
ඊයේ (29) දිවයින පුරා පුද්ගලික බස් රථ ධාවනය වූයේ 2000කටත් අඩු සංඛ්‍යාවක් බවත් ජූලි 10 වැනිදා දක්වා ඒ ආකාරයෙන්ම බස් රථ ධාවනය කිරීමට සූදානම් බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

දුර ගමන් සේවා මේ වනවිට සීමා වී ඇති අතර කෙටි ගමන් බස් රථද සීමාකිරීමට සිදුව ඇති බවත් පෙන්වා දුන් විජේරත්න කියා සිටියේ දින දෙකකට වරක් බස් රථ ධාවනයට සිදුව ඇති බවත් බස් ගාස්තුව අසීමිතව ඉහළ දැමුවහොත් බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත්ය.

බස්රථ ධාවනය කිරීමට අත්‍යාවශ්‍ය ටයර්, බැටරි සහ අමතර කොටස් නොමැති වීමෙන් බස්රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ ධාවනයෙන් ඉවත් කර ඇත.

ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් වෙළෙඳපොලේ අධික ලෙස මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංගමයට එම අධික මිල දරා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවත් සේපාල ලියනගේ කියා සිටියේය.