29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලාංකික දේශපාලන ගමන් මඟ නව දිශානතියකට යොමු...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලාංකික දේශපාලන ගමන් මඟ නව දිශානතියකට යොමු කළා

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක

වසර හැත්තෑවකට වැඩි ශ්‍රී ලාංකික දේශපාලන ගමන් මඟ නව දිශානතියකට යොමු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අභිමානවත් වසර පහක ගමන් මඟ අද දින සටහන් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති, ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවැසීය.

පක්ෂය ගොඩනැඟීමට දායක වූ ක්‍රියාකාරි කොටස්කරුවකු ලෙස අභිමානවත් පස්වසර වෙනුවෙන් සුබපැතුම් ද එක් කරනවා. මෙරට ආර්ථිකය, සමාජීය හා දේශපාලන වශයෙන් මහත් වූ අභියෝග රැසකට මුහුණ දුන් අවස්ථාවක පැවති ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නව දේශපාලන අංකුරයක් සිටුවා ඉතා කෙටි කලකදී එහි ඵල සමස්ත ජනතාවට භුක්ති විඳින්නට සැලැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වූණා . ප්‍රාදේශීය මට්ටමේ සිට ජනාධිපතිවරණය දක්වා සියලු මැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් ජනතා හදවත් තුළ බැඳුණු ජනතාවගේ එකම පක්ෂය බවට මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව තිබෙනවා.

පවතින ගෝලීය වසංගතය හමුවේ ලොව අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවට ද ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා. ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමත් මත ආර්ථිකය හා සමාජයීය ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකි වුණා. “

නුවන් කොඩිකාර