29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසීමාවකින් තොරව හොරකම් සිදු වෙතොත් ඒ රට දියුණු වන්නේ නෑ

සීමාවකින් තොරව හොරකම් සිදු වෙතොත් ඒ රට දියුණු වන්නේ නෑ

රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක

අපි ජනතාවගේ සේවකයන් මිස ස්වාමිවරුන් නොවෙයි. සමහරු ඉන්නවා, අවුරුදු ගානක් කිසිම දෙයක් කරගන්න බැරිව ඉඳලා මේ ඊයේ පෙරේදා ප්‍රකාශ නිකුත් කරනවා ඔසුසලක් අරින්න කියලා. හොරකම් කිරීම සීමාවක් නැතිව කෙරෙනවා නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ. යැයි ජාතික උරුම, ප්‍රාසාංග කලා සහ ග්‍රාමීය කලා කටයුතු ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා හොරණ බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 50 වැනි රාජ්‍ය ඔසුසල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“අපි හිතන්න ඕනෑ අවුරුදු පනහකට සීයකට එහා රට ගැන. අනිත් රටවලට පුළුවන් නම් ඇයි අපට බැරි. මේක දැන උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක්. අත්දැකීම්වලින් බහුල වූ මිනිස්සු ඉන්න රටක්. සම්පත් අතින් දියුණු තත්ත්වයක තිබෙන රටක්. ඉතින් ඇයි අපට බැරි මේ රට ලෝකයේ අනිත් රටවල් අතර අභියෝගයක් වන තැනකට ගෙන යන්න. එතැනට නිකන් යන්න බෑ. අප සෞඛ්‍ය අතින් ශක්තිමත්ව සිටින්න ඕනෑ. තාම අපේ රටේ නිදහස් සෞඛ්‍ය තිබෙනවා. තාමත් ඒ සංකල්පය වගේම බොහෝ දුරට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් නේවාසිකව ඉඳලා රෝගයක් සුව කරගෙන ඒමේ පහසුකම තාම අපේ රටේ තිබෙනවා. ඒ තමා නිදහස් සෞඛ්‍ය. ඒ නිදහස් සෞඛ්‍යයේ තවත් එක් අංගයක් තමා ඔසුසල්. ඒ නිසා මේ ස්ථාන ආරක්ෂා කර ගත යුතුයි. අපට කා සමඟවත් තරහක් , ද්වේශයක් නෑ. අපේ ජීවිත කවදා දැයි විශ්වාසයක් නෑ. ඉන්න සුළු කාලය ඇතුළත ජනතාව වෙනුවෙන් යමක් සිදු කිරීම වැදගත්. අපි හැමෝම නායකයන් හැටියට හිතා ඒ කටයුත්ත සිදු කරන්න ඕනෑ.”

ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල