27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅවුරුදු එකහමාරක දැරියක් බාල්දියකට වැටී මියයයි

අවුරුදු එකහමාරක දැරියක් බාල්දියකට වැටී මියයයි

යාපනය පොන්නාලෙයි බටහිර ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දැරියක් ගෙමිදුලේ තිබූ වතුර බාල්දියකට වැටීමෙන් මියගොස් ඇති බව වඩුකොඩ්ඩෙයි පොලීසිය පවසයි.

මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලෙ සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දැරිය මිදුලේ වතුර පුරවා තිබූ ප්ලාස්ටික වතුර බාල්දියක් සමීපයට ගොස් එහි වතුර සමඟ සෙල්ලම් කරමින් සිටයදී වතුර බාල්දියට වැටීමෙන් මෙම අනතුරට ලක්ව ඇත.

කෙසේ වෙතත් මව ආහාර පිස මිදුලට විත් දැරිය සොයා බැලීමේදී දැරිය වතුර බාල්දියට වැටී ඇති බව දුටු මව වහාම දැරිය ගෙන උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව අසල්වාසීන්ද එක්ව දැරිය මූලායි රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බව රෝහල් වෛද්‍යවරුන් පවසා තිබේ.