― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාරියපොළ ප්‍රා/ සභාපති ඉවත් කළොත් පොහොට්ටුවේ මන්ත්‍රීන් 19ක් ඉල්ලා අස්වීමට සූදානම්

වාරියපොළ ප්‍රා/ සභාපති ඉවත් කළොත් පොහොට්ටුවේ මන්ත්‍රීන් 19ක් ඉල්ලා අස්වීමට සූදානම්

වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් තමන්ද මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්‌ෙවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහනව දෙනකු පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වෙත දැනුම් දී තිබේ.

ඊයේ(03) පස්වරුවේ ආණ්ඩුකාරවරයා හමු වූ පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම මේ බව දැනුම් දුන්නේය.

වාරියපොල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා මූල්‍ය චෝදනාවක් එල්ල කරමින් ධූරයෙන් ඉවත් කිරීමට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සූදානම් වන බැවින් ඊට විරෝධය පළ කිරීම සඳහා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දහනව දෙනෙක් පෙළ ගැසී සිටින බව වාරියපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත අදාසූරිය මහතා ‘දිනමිණ‘ට පැවසීය.

වත්මන් සභාපතිවරයාට එල්ල කර ඇති මූල්‍ය චෝදනාව කිසිසේත්ම පිළිගත නොහැකි අතර එය පරිපාලනමය ගැටලුවක් බව පැහැදිලිව පෙනී යන බැවින් සභාපතිවරයාගේ ගෞරවය රැකෙන පරිදි

සාධාරණයක් ඉටුකරන ලෙස වාරිපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තිලකරත්න බණ්ඩාර දිසානායක මහතාට මෙලෙස මූල්‍ය චෝදනාවක් එල්ල කර ඇති අතර ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේද සහය හිමිව ඇති බව වාර්තා වේ.

තමන්ට එරෙහිව එල්ල කරන සියලු මූල්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමන්ගේ දීර්ඝකාලීන දේශපාලන දිවියේ හොඳ නම පලුදු කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවත් වාරියපොල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ‘දිනමිණ‘ට සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසීමකදී වාරියපොල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳ ඉතා සාධාරණ තීරණයක් ගන්නා බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කළේය.

වාරියපොල ප්‍රාදේශීය සභාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනකුගෙන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන්19 දෙනකුගෙන් සමන්විත වෙයි.

නෙරංජලා වික්‍රමසිංහ