26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතා විරෝධය පිළිගෙන ජනපති, අගමැති වහාම ඉවත් විය යුතුයි

ජනතා විරෝධය පිළිගෙන ජනපති, අගමැති වහාම ඉවත් විය යුතුයි

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට එල්ල වන ජනතා විරෝධය තේරුම් ගෙන ඔවුන් දෙදෙනා හැකි වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස් විය යුතු බව මහජන සභාවේ සම සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදීය.

තමන්ගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබෙන ජනාධිපතිවරයෙක් හා ජනතා අප්‍රසාදයට ලක්වූ අසාර්ථක අගමැතිවරයෙක් රටේ සිටීමෙන් වත්මන් අර්බුදය තවත් උග්‍ර වන බව උන්වහන්සේ සඳහන් කළහ.

‘ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් පෙරේදා (05) පාර්ලිමේන්තුවේදී ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපිටදීම විපක්‍ෂය හඬ නගා උච්චාරණය කරමින් ඔහුට පසුබසින්නට සැලැස්වීම ගැන තමා විපක්‍ෂයට ස්තූතිවන්ත වන බවද සොභිත හිමියන් ප්‍රකාශ කළහ.

එමෙන්ම ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ රනිල් වික්‍රමසිංහ අසාර්ථක පුද්ගලයෙකු බැවින් මුදල් අමාත්‍ය ධූරයෙන් පමණක් නොව අග්‍රාමාත්‍ය ධූරය ඇතුළු සියලු තනතුරුවලින් ඔහු ඉල්ලා අස්විය යුතු බවත් වත්මන් ආර්ථික අර්බුදය වඩ වඩාත් තීව්‍ර වන්නේ මුදල් අමාත්‍යංශය ගන්නා තීන්දු තීරණ හා අධිකාරි බලය ක්‍රියාත්මක නොවීම නිසා බවත් උන්වහන්සේ අවධාරණය කළහ.