― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඥානසාර හිමිගේ පත් කිරීම ගැන අධිකරණ ඇමැති නොදැන සිටීම ලජ්ජාවට කරුණක්

ඥානසාර හිමිගේ පත් කිරීම ගැන අධිකරණ ඇමැති නොදැන සිටීම ලජ්ජාවට කරුණක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

එක රටක් එක නීතියක් සඳහා වූ කාර්යසාධක බළකායේ සභාපති ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම සම්බන්ධයෙන් තමන් නොදන්නා බව අධිකරණ ඇමැති පවසා ඇති බවත්, එවැනි තත්ත්වයක් මත අධිකරණ ඇමැති අලි සබ්‍රිට ලැජ්ජා නැතිව තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටීම හැකි දැයි යන්නත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රශ්න කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, පැලවත්තෙහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“රටේ නීතිය පිළිබඳ ඉන්න ප්‍රධාන පුද්ගලයා කැබිනට් ඇමැතිවරයා. ඒ මහතා කියනවා මමත් දන්නේ නැතිව මේ පත් කිරීම වුණේ කියලා. ඇත්තටම ඒ මහතා හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ. තවදුරටත් ඔය අධිකරණ ඇමැති ධුරයේ ඉන්න ලජ්ජාවක් නැද්ද?

පාර්ලිමේන්තුවට සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත් කරද්දී, ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරද්දී නීතිය පිළිබඳ සම්පූර්ණ වෙනසක් වෙනවා නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට සම්පූර්ණයෙන් වගකියන්නේ අධිකරණ ඇමැතිවරයා. ඉතින් ඔහු කියනවා නම් මම දන්නේ නෑ මේ පත් කිරීම ගැන කියලා. කවර කතාවක්ද? “