― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනීති සම්පාදනය පාර්ලිමේන්තුවේ වගකීමක් මිස ජනාධිපති කොමිසමේ කාර්යයක් නොවේ

නීති සම්පාදනය පාර්ලිමේන්තුවේ වගකීමක් මිස ජනාධිපති කොමිසමේ කාර්යයක් නොවේ

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

එක රටක් එක නීතියක් වශයෙන් නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් මිස ජනාධිපති කොමිසකට අයිති කාර්යයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (02) පැවති එක්සත් ජාතික පක්ෂයේ දීපවාලි සැමරුම් උත්සයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“පසුගිය දෙවසරේ පරිසරයට විශාල හානියක් සිදු වුණා. එසේම දේශපාලන බලය සහ අනුග්‍රහය මත පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා පසුගිය දෙවසරේ සංස්කෘතිය සහ ආගමික විවිධත්වය විශාල ලෙස සූරාකෑමකට ලක් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ලෝක නායකයන් ග්ලාස්හෝහි දේශගුණික සමතුලිතතාව ගැන සාකච්ඡා කළත් පසුගිය දෙවසරේ අපේ පරිසරයට මෙතෙක් සිදු වූ විශාලම හානිය සිදු වී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ සහ වෙනත් අධ්‍යයන වාර්තා අනුව 2020 වසර අපේ රටේ විශාලම වන සංහාරය සිදු වූ වසරක්. පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා දිනකට අක්කර දහයක් විනාශ වූ බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව 2020 පරිසරය විනාශ කළ වසරක් ලෙස හැඳින්විය හැකියි. 2021 වසර එතරම්වත් යහපත් නෑ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම නිසා මුහුදු විනාශය සිදු වුණා. එයින් සිදු වූ හානිය සහ පරිසරයට සිදු වූ බලපෑම් තවමත් ගණන් කිරීමට නොහැකි වී තිබෙනවා.

පරිසරය වගේම සංස්කෘතිය සහ සර්ව ආගම්වලට සිදු වූ බලපෑම් නිසා රටේ ජනතාව අතර සැකය සහ බෙදීම ඇති වී තිබෙනවා. ආගමික සහ ජාතිකත්වයෙන් දේශපාලනඥයන් බලයට ඒමට යොදා ගත්තා. එක රටක් සහ එක නීතියක් ඇති කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එය එවැනි බෙදුම්වාදයට හොඳ උදාහරණයක්. එහි සභාපතිත්වයට පත් කර ඇත්තේ මුස්ලිම් ජනතාව හෙළා දකින, ප්‍රසිද්ධියේම අධිකරණ ක්‍රියාවලිය පිළිකුල් කළ භික්ෂුවක්. එවැන්නෙක් ජනාධිපති කොමිසමේ සභාපතිත්වයට පත් කිරීමෙන් ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය පැහැදිලි වෙනවා. එය අධිකරණයට පමණක් නොව මුස්ලිම්වරුන්ටත් එරෙහි වීමක්. එම කොමිසමට ද්‍රවිඩ ජාතිකයෙක් පත් නොකිරීමෙන් එම ජාතියට අපහාස කර තිබෙනවා. එසේම රටේ දෙවැනි විශාලම ජනගහණය වන ඔවුන් නොසලකා හැරීමක්. එක රටක් එක නීතියක් වශයෙන් නීති පැනවීම පාර්ලිමේන්තුවේ වගකීමක්. එය ජනාධිපති කොමිසමකට අයිති දෙයක් නොවෙයි. සැබෑ නායකයෙක් එක ධජයක් යටතේ සියලුම ජාතීන් එක්සත් කළ යුතුයි. අපේ පක්ෂයේ ආරම්භක නායක ඩී. එස්. සේනානායක මහතා සිදු කළේ එයයි. රටේ පාලනයට සියලු ජාතීන් එක් කරගැනීම ඔහුගේ අරමුණ වුණා.”

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ