― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකවුරු ශ්‍රීලනිපය හැර ගියත් පක්ෂය විනාශ වුණේ නෑ

කවුරු ශ්‍රීලනිපය හැර ගියත් පක්ෂය විනාශ වුණේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පුත් අනුර බණ්ඩාරනායක, දියණිය චන්ද්‍රකා බණ්ඩාරනායක සහ බෑනා වන විජය කුමාරතුංග වගේම මෛත්‍රීපාල සේනානායක වගේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර ගියත් පක්ෂය විනාශ වුණේ නෑ. තාවකාලික පසුබෑමට ලක් වුණා පමණයි. මෙරට සෑම පක්ෂයක්ම වරින් වර ඒ ආකාරයෙන් පසුබෑමට ලක්වී තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වරක් ශක්තිමත් වෙමින් පවතිනවා. යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවැසුවේය.

මන්ත්‍රීවරයා එසේ පැවැසුවේ අම්බලන්ගොඩ, පොල්වත්ත ගොවිජන කේන්ද්‍රයේදී ප්‍රදේශයේ ගොවි පවුල් වෙත එළවළු පැළ සහ බීජ පැකට් බෙදා දුන් අවස්ථාවේ පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මෙරට සියලුම මැතිවරණ කොට්ඨාසවලට පක්ෂයේ ප්‍රධාන සංවිධායකයන් පත් කරගෙන යන අතරතුර තරුණ, කාන්තා සහ ශාඛා සමිති පිහිටුවමින් ගම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කරගෙන යනවා. මේවා ඉවසුම් නොදෙන ඇතැම් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කිහිපයකට කැඩී ඇතැයි මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්න තිබෙනවා. අපි ඒවාට කිසිසේත් සැලෙන්නේ නෑ.

ඉණිමඟ දිගේ ඉහළ නැග්ගට පසුව ඉණිමඟට පයින් ගැහුවොත් මොකද වෙන්නේ. ඒ කථාව දේශපාලනයටත් හොඳින් ගැලපෙනවා. වසර හැත්තෑවකට පෙර පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරම් මේ රටේ දියුණුවට වැඩ කළ වෙනත් කිසිම පක්ෂයක් නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම පිළි ගත් පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. පක්ෂයේ ඕනෑම සාමාජිකයකුට තම අදහස් පළ කරන්න නිදහස දී තිබෙනවා. අපේ පක්ෂය මහජන හඬට කන් දෙන පක්ෂයක්. කැමති වුණත් අකමැති වුණත් ජනතා තීන්දුව අපි භාර ගන්න සූදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් ජනමතයට පිටුපා කටයුතු කර නෑ. අපේ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාවත් දේශපාලනයට එක් කරගන්න පක්ෂය කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. ඒ මහතා දේශපාලනයට එනවාට ජනතාව කැමති නම්, ජනතාව ඔහු පිළිගන්න කැමැත්තක් දක්වන්නේ නම් ඊට ඥාතිත්වය හරස් වන්නේ නෑ. ජනතාවගේ ආශිර්වාදයෙන් රජයක් පිහිටුවීම අනෙක් පක්ෂවල අදහස නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසත් එයමයි. අතීතයේ පැවති දේශපාලන තත්ත්වය අනුව පවතින රජය ජනතා අප්‍රසාදයට පත් වූයේ නම් ඊළඟ මැතිවරණයේදී විපක්ෂයට රටේ පාලන බලය දීමට ඡන්ද දායකයන් පියවර ගත්තා. නමුත් වර්තමානයේ ඒ ක්‍රමය ක්‍රියාත්මක වේ යැයි සිතන්න අමාරුයි.”

අම්බලන්ගොඩ සමූහ – ආර්.ඤානදාස