― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනවසීලන්තයට ලකුණු 16ක ජයක්

නවසීලන්තයට ලකුණු 16ක ජයක්

මාටින් ගප්ටිල්ගේ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් ස්කොට්ලන්තය සමඟ ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 16ක ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර, එම ඉලක්කය හමුවේ ස්කොට්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 156ක් පමණි.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ මුල් කඩුලු 3 ලකුණු 52ක් තුළ බිඳ වැටුණ ද එක් අන්තයක් රැක ගත් ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ඉනිම ගොඩනැඟුවේ වේගවත් ලකුණු 93ක් රැස් කරමිනි.

ඉනිම නිමා විට පන්දු 9ක් ඉතිරිව තිබියදී 5 වැනි කඩුල්ල ලෙස ගප්ටිල් දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 6කින් සහ හයේ පහර 7කින් ඉනිම වර්ණවත් කර ගෙන තිබිණි.

ඔහුට අනගි සහායක් දුන් ග්ලේන් පිලිප්ස් පන්දු 37කින් ලකුණු 33ක් රැස් කළ අතර, දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 105ක් එක් කර තිබිණි. 19 වැනි ඕවරයේදී මේ ක්‍රීඩකයන් දෙදෙනා පිට පිට පන්දු 2කින් දවා ගැනීමට බ්‍රැඩ්ලි වීල් සමත් විය.

ඩැරිල් මිචෙල් (13), නායක කේන් විලියම්සන් (0) සහ ඩෙවොන් කොන්වේ (1) දැවී ගිය මුල් පිතිකරුවන් තිදෙනා වූහ.

නවසීලන්තය – 172/5 (ඕවර 20) මාටින් ගප්ටිල් 93, ග්ලේන් පිලිප්ස් 33 (සයිෆන් ශරිෆ් 28/2, බ්‍රැඩ්ලි වීල් 40/2)

ස්කොට්ලන්තය – 156/5 (ඕවර 20) මිචෙල් ලීස්ක් නොදැවී 42, මැතිව් ක්‍රොස් 27 (ට්‍රෙන්ට් බෝල්ට් 29/2, ඉෂ් සෝධි 42/2)