30 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalවෙරළබඩ පොලිස් වසමේ වෙඩි තැබීමක්

වෙරළබඩ පොලිස් වසමේ වෙඩි තැබීමක්

වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමෙන්සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘කිඹුලා ඇල ප්‍රදීප්’ නමැත්තකු බවට තොරතුරු ලැබී ඇති අතර වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.