― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරනිල් වික්‍රමසිංහ අට දෙනකුට පොරොන්දු වෙලා අගමැතිකම දෙන්න

රනිල් වික්‍රමසිංහ අට දෙනකුට පොරොන්දු වෙලා අගමැතිකම දෙන්න

රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර ලබා දීම සදහා අට දෙනකුට පොරොන්දු ලබා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 18 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ

කෙටිකාලීන ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා තව දවස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ.
මේ දින දෙක අපේ රටේ ජනතාවට අතිශයින් වැදගත් දින දෙකක්.

අරගලය ගත්තට පස්සේ මේක මොකක් හරි දේශපාලන පක්ෂයකින් සැලසුම් කළ එකක් හරි විදේශ මුදල් වලින් එන්ජීඕ එකක් සැලසුම් කරපු එකක් හරි සීඅයිඒ එක හරි රෝ එක හරි මොනවා හරි ඔත්තු සේවයක් විසින් සැලසුම් කරපු එකක් හරි ලංකාවේ ඉන්ටලිජන් එක සැලසුම් කරපු එකක් හරි එහෙම කුමන්ත්‍රණයක් නෙමෙයි.

 මෙය රටේ ජනතාවගේ අරගලයක් තිබුණේ. අරගලයේ නියැලෙන මිලියන් 22ක ජනතාවට එරෙහිව රනිල් හිටගෙන ඉන්නවා.

 රනිල් සහ රාජපක්ෂ හවුල හිටගෙන ඉන්නෙ මිලියන් 22ක ජනතාවට එරෙහිව.

 ඊයේට ගෝල්පේස් අරගලයට දින සීයයි.

මිරිහාන ජනාධිපති නිවසට ජනතාව ගිහිල්ලා පහරදීමේ සිට ගෙවුණු කාලය ගත්තොත් එහෙම මාස හතරක් විතර වෙනවා.

 මේ මාස හතර ඉතාම පැහැදිලිව පෙනුනා මිනිස්සු පාරට බැස්සට පස්සේ ආයුධ වලට කරන්න දෙයක් නැහැ.

 ඔය ඇඳිරි නීති දාලා හදිසි නීති දාලා මොකක්වත් කරන්න බැහැ. ඔත්තු සේවා දාලා කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ.

 අඩුම ගානේ එලවා දැමූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ඔත්තු සේවා වලට තොරතුරු ටික දෙන්න බැරි වුණා මිනිස්සු මේකට කඩා වදිනවා කියලා.

 දවල් 12 විතර වෙනකන් ඒ මනුස්සයා අරක ඇතුලේ ඉඳල තියෙන්නෙ. මහජන බදු මුදලින් පඩි ගන්න ඔත්තු සේවා වලට ඒකවත් හරියට කියන්න බැරි වුණා.

 වෙන මනෝවිකාර තමයි කිය කිය ඉන්නෙ. ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමි මිලිටරි මැදිහත්වීමක් කරනවා කියලා නිවේදන නිකුත් කළා.

 සුබ්‍රමනියම් ස්වාමි ට අපි කියන්නේ එවන්නකෝ මිලිටරිය ලංකාවට, මේ ජනතා බලයෙන් ඒ ඕන ඒකට මුහුණ දෙන්න පුළුවන්

 මුළු ලෝකයටම මේ අරගලය විසින් දැවැන්ත ආදර්ශයක් දෙමින් ඉන්නවා.

 රනිල් වික්‍රමසිංහ දැන් තේරුම් ගන්න ඕන ගෝඨා ලෝකෙ වටේ දුවන්න සලස්වපු ජන බලය, මහින්ද රාජපක්ෂ ට බංකරයක් අස්සෙ හැංගිලා තාමත් මූණ පෙන්නන්නේ නැතුව ඉන්න සිද්ධ කරපු ජන බලය බැසිල් රාජපක්ෂට ගුවන්තොටුපළට ගියාට පස්සේ හොරකම් කරපු සල්ලි ආයෙ දෙනකං යන්න දෙන්නෙ නෑ රටෙන් එළියට කියලා නිලධාරීන් මගින් ගුවන් සේවා වල කට්ටිය ඔක්කොම එකතුවෙලා බැසිල් රාජපක්ෂව ආපහු පලයන් කියලා එළවපු ජන බලය .

 ඒ ජන බලයට තමා රනිලුයි රනිල්ගේ චෞර මිනීමරු කල්ලි ඒ ජන බලයට විරුද්ධව තමා හිටගෙන ඉන්නේ.

 රනිල් රනිල් රනිල් කිවුවාට මේ බැසිල් නේ. බැසිල් රාජපක්ෂ කොහෙද ඉන්නේ කිය කිය කට්ටිය අහා අහා හිටියනෙ බැසිල් රාජපක්ෂ ඉන්නව නෙළුම් මාවතේ කාර්යාලයේ 

 රාජපක්ෂලා එලවනවා කියද්දී රාජපක්ෂලා එලවන එකේ ප්‍රධාන කරුණක් තමා රනිල්.

 මන්ත්‍රීවරු හැත්තෑ දෙකක් වාර්තා  කරලා තිබුණා ඒගොල්ලන්ගෙ ගෙවල් ගිනි අරන් කියලා.

 එකසිය හතරක් වාර්තා කරලා තිබුණා ගෙවල් වලට අලාභානි වෙලා කියලා..

 දැන් ඒ සියලු දෙනාට දොළපිදේනි දෙන්න පටන් අරන් තියෙනවා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මේ දොළ පිදේනි දෙන්නේ බැසිල් රාජපක්ෂගේ සල්ලි.

 බැසිල් රාජපක්ෂ නිශ්ශංක සේනාධිපති ඇතුළු ඒ හොර ජාවාරම් කාරයෝ ටිකත් එක්ක එකතු වෙලා මන්ත්‍රීවරු මිලදී ගැනීමේ මෙහෙයුම ආරම්භ කරලා තියෙන්නේ.

 අපි ඉතාම වගකීමෙන් කියනවා මන්ත්‍රීවරු දැන් මුදල් වලට කතා කරනවා.

 ගෙවල් ගිනි ගත්ත කියන කට්ටියට රනිල් අල්ලස් දෙන්න පටන් අරන්. ඉස්සෙල්ලාම රුපියල් කෝටියක ඇඩ්වාන්ස් එකක් දුන්නා.

 104 දෙනකුට දුන්නා.

 ඒගොල්ලන්ගෙ ගෙවල් අනිවාර්යෙන් හදලා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා.

 ඊයේ හදිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා ගිනිගත්ත ගෙවල් ගැන වාර්තාවක් දෙන්න කියලා.

 සුඛෝපභෝගී මහල් නිවාසය ගානේ දුන්න ඔක්කොම මන්ත්‍රීවරුන්ට.

 ඒ මහල් නිවාස වලට ගෘහ භාණ්ඩ ගිහිල්ලා දාලා තියෙනවා එක නිවසකට දාලා තියෙන ගෘහ භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ සීයක්.

 මේවා සල්ලි පාස් වෙලා දීපු ඒවා නෙමේ. වෙන්දේසිය දැන් හවස් වෙනකොට පටන් ගනී.

 අපි ඒ මන්ත්‍රීවරුන්ට කියනවා සල්ලි වලට වරප්‍රසාදවලට තමන්ගේ ආත්මය පාවා දීලා මින් පස්සේ ලංකාවේ දේශපාලනය කරන්න හිතන්න එපා.

 ඒ අයට ආරක්ෂාව තියෙන්නෙ කොතැනද. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන්ට කියලා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන් ඉවත් කරලා යුද හමුදාවයි කමාන්ඩෝ ස්ල  10 ගාන දෙන්නං කියල.

 ඔයිට වඩා ආමි එක හිටියා ගෝඨාභය රාජපක්ෂගේ වටේ.

 ඔය මිනිස්සු ගිහින් එළවලා දැම්මේ. ආරක්ෂාව සැලසෙන්නේ ජනතාවගේ මතයත් එක්ක හිටියොත්.

 රනිල්ගෙන් යුද භටයෝ දහයක් ඉල්ලගෙන ආරක්ෂාව සලසා ගන්න බෑ. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ අට දෙනකුට පොරොන්දු වෙලා අගමැතිකම දෙන්නම්කියලා

 මොන විකාරයක්ද මේ.

 මේ වෙනකොට කැබිනට් ඇමතිකමක් දෙන්න කියලා පොරොන්දු වෙච්ච මන්ත්‍රීවරු සංඛ්‍යාව 50 කට වැඩි.

 අද හවස් වෙද්දි ඕක 75ක් සීයක් වෙයිද දන්නේ නෑ.

 මේ වෙනකොට රනිල් පනස් හතර දෙනෙකුට  පොරොන්දු වෙලා තියෙනවා කැබිනට් ඇමතිකම දෙන්නම් කියලා.

 මේ අල්ලස් දීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂව නිශ්ශංක සේනාධිපති ව අනිත් ජාවාරම්කාරයෝ ටික අනිවාර්ය අත්අඩංගුවට ගත යුතුයි.

 ඒක තමයි මන්ත්‍රීවරුන්ගේ මතයට බලපෑම් කරන විදිය.

 හදිසි නීතිය දාලා තියෙන්නෙ මිනිස්සු කතා කරන එක ලියන එක නවත්තන්න ලු. ඒක පුදුම කතාවක්නේ.

 මන්ත්‍රීවරයෙක් ට සල්ලි දෙන එක බලපෑමක් නෙමෙයි.

හැබැයි කවුරු හරි ඡන්ද දායකයෙක් ලිව්වොත් එහෙම මගේ ඡන්දයෙන් ඔයා පාර්ලිමේන්තු ගියා නං ඔය හොර මිනීමරු රනිල්ට ඡන්දය දෙන්න එපා දීලා එන්න එපා ගමට කියලා කවුරුහරි ලිව්වහම ඒක ගන්නවා මහ තර්ජනය කළා.

 ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වුණා කියලා කියනවා.

 රනිල්ලා රාජපක්ෂලා දාපු හදිසි නීතිය තුට්ටුවකට තැකුවේ නෑනෙ අපේ රටේ ජනතාව ඔයා නිකුත් කරලා තියෙන හදිසි නීති ගැසට් එක රෝල් කරල කොහෙ හරි ගහගන්න කියන්න. රනිල්ට.

 අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ තක්කඩිකම නවත්තන්න ඉස්සරහට එන්න.

 මන්ත්‍රීවරුන්ගේ ස්වාධීන මතය කියන්නේ මොකක්ද. රනිල් ලමනේ කියන්නේ මේකේ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

 නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් මෙතන තියෙන්නේ අදාළ මන්ත්‍රීවරයා  තමන්ට ඡන්දය දුන් ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න ඕනා.

 හරි නම් ඒ මන්ත්‍රීවරු ගම් වලට ගිහිල්ලා තමන්ගේ ඡන්ද දායකයන්ගෙන් අහන්න ඕන කාටද ඡන්දය දෙන්න ඕන කියලා.

 රනිල්ගේ හදිසි නීති මොනව තිබ්බත් අපි නම් බලපෑම් කරනවා.

 දැන් මේ මාධ්‍ය හමුව ගන්න නිසා මාව හිරේට දානවා කියනවා නම් අපි ඉතාම සන්තෝෂයෙන් හිරේ යනවා.

 මේ තක්කඩි කම් වලට ඉඩ දෙන්න බෑ. අපි මන්ත්‍රීවරුන්ට බල කරලා කියනවා ඕගොල්ලෝ ඡන්දය දෙන්නෙ කාටද කියලා කියන්න.

 විසි වෙනිදා රහස් ඡන්දයක් තියන්න වියවස්ථාවේ ලියලා තියෙනවා නම් එහෙම කමක් නෑ.

 හැබැයි සියලුම මන්ත්‍රීවරු 225ම හෙට වෙද්දී ජනතාවට ප්‍රකාශ කරන්න තමන්ගේ ඡන්ද දායකයාට  ප්‍රකාශ කරන්න මම ඡන්දය දෙන්නේ අහවලාට කියලා.

 ඇයි බය කියන්නකො. ඡන්දදයකයන්ට පරම වූ ශුද්ධ වූ අයිතියක් තියෙනවා තමන් ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවපු කෙනා කාටද ඡන්දය දුන්නේ ජනාධිපතිවරයා තේරීම සම්බන්ධ මොකද්ද ඔහුගේ මතය කියන එක දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්වාධීන මොකක්වත් මගුලක් නෑ. ඕකේ නම මහජන නියෝජිත ආයතන නම්  ඒගොල්ලො ජනතාවගේ නියෝජිතයෝ නම් ස්ථිර වශයෙන්ම ඒගොල්ලො නියෝජනය කළ යුතුයි ජනතාවගේ මතය.

 ඡන්දදායකයන්ට අපි කියනවා ඉස්සරහට මැතිවරණයක් ආවට පස්සෙ ඒ ගොල්ලො ගැන බලාගන්න.

 හෙට හර්තාලයක් කැඳවලා තියෙනවා හෙට වැඩ වර්ජනයක් කැඳවලා තියෙනවා අනිද්දා අපි බලමු මොකද්ද පාර්ලිමේන්තුව ගන්න තීරණ කියලා. මේ සටන අවසානයකට ගෙනියමු.