27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති සටන රනිල්, අනුර හා ඩලස් අතර

ජනපති සටන රනිල්, අනුර හා ඩලස් අතර

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනපති සටනින් ඉවත් වීමට තීරණය කළේය.

ඒ අනුව අද (19) පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩලස් අලහප්පෙරුම යෝජනා කළ අතර එය ජී.එල් පීරිස් විසින් ස්ථීර කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම ඉදිරිපත් කළ අතර එය සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළේය. මනූෂ නානායක්කාර විසින් එය ස්ථීර කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිය ජනාධිපති ධූර අපේකෂකයා ලෙස අනුර කුමාර දිසානායක යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය විසින් එය ස්ථීර කළාය.

ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත්වී තිබේ.

ඒ සඳහා දැනට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම යෝජනා විය.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින පැවැත්වීමට නියමිතය.