― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය පොතේ තියෙන ජනතාව රැවැට්ටීම සඳහා තමයි දැන් රනිල්...

කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය පොතේ තියෙන ජනතාව රැවැට්ටීම සඳහා තමයි දැන් රනිල් වික්‍රමසිංහ වැඩ කරමින් ඉන්නේ

ජනපති රනිල් වික්‍රමසිංහ දුෂ්ට පාලකයන්ට දීලා තියෙන උපදෙස් අනුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 20දින පෙරටුගාමි සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා

රනිල් වික්‍රමසිංහ ඡන්ද 134ක් ලබාදෙන ලංකාවේ ජනාධිපති බවට පත් වුණා.

 පාර්ලිමේන්තුවේ හැසිරීම රටේ පවතින ජන මතය සම්බන්ධයෙන් කිසිම නිරූපණයක් කළේ නැහැ.

 ගොඩක් අය කිව්වේ පාර්ලිමේන්තුව ජනමතය නිරූපණය කරනවා කියලා. ව්‍යවස්ථා ගැන කතා කරන පණ්ඩිතයො නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන කේවට්ට යෝ ඔක්කොම කිව්වේ පාර්ලිමේන්තුව ජනතා මතය නියෝජනයක් තියනවා කියලා.. අද පාර්ලිමේන්තුව පැහැදිලිව පෙන්නලා තියෙනවා ජනතා නියෝජනයක් 225 දෙනාගෙන් වෙන්නේ නෑ කියලා.

ලක්ෂ හැට නවයක්  ඡන්ද අරගෙන   දැවැන්ත බලයක් සහිතව හිටපු ගෝඨාභය රාජපක්ෂව ලෝකය පුරා දුවන තත්වයට පත්කළේ අපේ රටේ ජනතාව.

 අද ඕනනං පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට අවස්ථාවක් තිබුණා තවමත් මේ රටේ දේශපාලනයට ඒගොල්ල අදාලයි කියලා පෙන්වන්න.

 පාර්ලිමේන්තුව අද ඒකත් නැති කරගත්තා. 225ම එපා බලය දියවන්නාවේ ඔබ්බට කියලා අරගලය ඇතුලේ ආපු සටන් පාඨ ඒක යථාර්ථයක් ඒ සටන් පාඨ හරි ඒවා නිවැරදියි කියලා ඒකයි යුක්තියුක්ත කිරීම තමයි අද පාර්ලිමේන්තුව කළේ. පාර්ලිමේන්තුවට අද ඒ ගැන ස්තුති කරන්න ඕනේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම සම්බන්ධ ජනතාව අතර පිළිකුලක් සහ විරෝධයක් තියෙන්නේ. මේ රටේ දේශපාලනයේ දී තීරණාත්මක වෙන්නේ සේලයින් බෝතල් එල්ලගෙන ඇවිදගන්න බැරුව බොහොම අමාරුවෙන් ඇවිල්ල මොකක් හරි චන්දය ලකුනු කරල යන පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙමෙයි.

 බැරිකේඩ්ව ල පොලිසියත් එක්ක හැප්පුණු වෙඩි තියද්දී වෙඩි නොතකා ඉදිරියට ගිය දුම්රිය වැඩ වර්ජන කරද්දි දුම්රියපලට ගිහිල්ලා ස්ථානාධිපතිවරුන් වට කරලා බලෙන් දුම්රිය අරගෙන ආපු පයින් කොළඹට ආපු මාස ගණන් අව්වේ වේළි වේළි වැස්සෙ තෙමි තෙමි ගෝඨා ගෝ ගම් වල හිටපු කැපකිරීම් කරපු මිනිස්සු ඒගොල්ලො තමයි මේ රටේ දේශපාලනය තීරණය කරන්නේ.

 අල්ලස් වලට යට වෙලා අද ඡන්දය පාවිච්චි කරපු මන්ත්‍රීවරු නෙමෙයි දේශපාලනය තීරණය කරන්නේ . ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඕනවට වඩා අධිතක්සේරුවකට ඇවිල්ලා නටන්න යන්න නම් එපා ජනාධිපති වුණා කියලා.

පාර්ලිමේන්තුව ඇතුළේ පෙනිච්ච ඡන්ද ප්‍රතිශතය යි එළියේ ජනතාවගේ මතයයි අතර ආලෝක වර්ෂ ගණනාවක පරතරයක් තියෙනවා.

 ඒ පරතරය දැනගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට අදින් පස්සේ.

 කොළඹ දිස්ත්‍රික්කයෙන් අමාරුවෙන් ඡන්ද තිස්දාහක් ගත්ත පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියෙන පොහොට්ටුවේ වලිගේ එල්ලිලා කොහොමහරි අගමැති කම් ජනාධිපතිකම් ගත්ත මන්ත්‍රීකම පිනට හම්බෙච්ච ඒවනෙ.

 ඔක්කොම පිනට අරගෙන ඉන්න ගමන් හිතනවනම් අරගලය පොඩිපට්ටම් කරන්න. ජනතාවට පහර දෙන්න ප්‍රජා තන්ත්‍ර විරෝධී වැඩ කරන්න  අපිට අනතුරු අඟවන්න තියෙන්නේ ඒක කරන්න ලෑස්ති වෙන්න එපා. ඊට වඩා ලොකු බල වන්තයො අපේ රටේ මිනිස්සු එළවලා දාලා ඉවරයි.

 අට දෙනකුට පොරොන්දු වෙලා තියෙනවා අගමැතිකම දෙනවා කියලා දැන් බලමු ඒ අටදෙනාගෙන් හත් දෙනෙකුට මොකද වෙන්නේ කියලා.

 60 දෙනකුගේ පමණ ප්‍රමාණයකට කැබිනට් අමාත්‍යධුර දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා අපි බලමු කැබිනට් එක කොහොමද හදන්නේ කියල

කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය පොතේ තියෙන ජනතාව රැවැට්ටීම සඳහා ජනතාව යටපත් කිරීම සඳහා දුෂ්ට පාලකයන්ට දීලා තියෙන උපදෙස් අනුව තමයි දැන් රනිල් වික්‍රමසිංහ වැඩ කරමින් ඉන්නේ කියලා  හොඳටම පේනවා.

 සාම දාන භේද දණ්ඩ කියලා හතරක් තියෙනවා නේ

 සාම කියන්නේ හීන මවනවා

 මේකට උදාහරණය තමයි හොඳම පෙට්රල් රුපියල් 20 කින් අඩු කරපු එක

 රනිල් වික්‍රමසිංහ මේ රටේ හය වතාවක් අගමැති වුණා ඒ හය වතාවෙම නොකරපු දෙයක් මේ සැරේ මොනවා හරි කරයිද

 ඒක අපේ රටේ ජනතාව සිහිබුද්ධියෙන් යුතුව විමසිය යුතුව තියෙනවා.

 රනිල් කරන හැටි අපි ඕනතරම් දැකල තියනව.

 දාන කියන්නේ දේවල් බෙදන එක

 කෝටි ගණන් සල්ලි බෙදනවා. මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් සල්ලි බෙදන්න පොරොන්දු වෙලා.

 හෙට අනිද්දා වෙද්දී හොඳට බලාගන්න පුළුවන් සල්ලි වලට වරදානවලට  කවුද මේ ජනතාවගේ  උවමනාවන් පාවාදෙන්න මැදිහත් වුණේ කියලා . ඒ අයට උත්තර දෙයි ජනතාව.

 භේද කියන්නේ

 රනිල්ගේ උපාය මාර්ගය ම තියෙන්නෙ ඔක්කොම බෙදන එක. අරගලයේ නිරත ජනතාවට සහ අරගලයට ආශිර්වාද කරන පොදු ජනතාව අතර බෙදීමක් හදනවා.

 අරගලයට පක්ෂපාතී විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර භේද හදන එක.

 අරගලය ඇතුලේ පාක්ෂික නිර්පාක්ෂික කියලා භේද හදන එක.

 දණ්ඩ කියන්නේ බය කරන එකට.

 ඇඳිරි නීති දාගෙන හදිසි නීති දාගෙන ඇඟිලි සලකුණු පරීක්ෂා කරගෙන දැන් නාඩගමක් නටන්න යනවා.

 අපි යෝජනා කරලා තියෙන්නේ අරගලයේ නිරත ජනකොටස් ප්‍රාදේශීය වශයෙන් සම්බන්ධවෙලා ඉන්න කොටස්  සියලු අය තමන්ගේ නියෝජනයක් සහිත ව ගොඩනගන පුළුල් මහජන කවුන්සිලයක් ගොඩනගමු කියලා අපි දිගින් දිගටම අරගලයේ නිරත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඉතාම ඉක්මනින් ඒ මහජන කවුන්සිලය ගොඩනගමු.