25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකිලිනොච්චියේ ඉඩමකින් බෝම්බ තොගයක් හමුවෙයි

කිලිනොච්චියේ ඉඩමකින් බෝම්බ තොගයක් හමුවෙයි

කිලිනොච්චිය කනකාම්පිකෙයිකුලම් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ කොටි ත්‍රස්තයින්ගේ බෝම්බ ඇතුළු ආයුධ තොගයක් පෙරේදා (20) සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කනකාම්පිකෙයිකුලම් ප්‍රදේශයේ පදිංචි අදාළ ඉඩම් හිමියා විසින් සිය ඉඩම එලිපෙහෙළි කරමින් සිටියදී වලදමා තිබූ අදාළ බෝම්බ තොගය මතුවීමෙන් පසුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව කිලිනොච්චිය පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට පැමිණ වලදමා තිබූ බෝම්බ තොගය ගොඩගෙන තිබේ.

එහිදී වලදමා තිබූ කොටි මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 03 ක් ටී.56 මැගසින් 03ක් සහ කඳුලු ගෑස් බෝම්බ 02ක් මෙලෙස සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම බෝම්බ තොගය වලමන්නට ඇති බවට සැක පළ කරයි.

සොයාගත් බෝම්බ තොගය කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂකාර්ය බලකාය විසින් විනාශ කිරීමට නියමිත බව පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.