― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිවුලපිටිය ස්ථානාධිපතිට සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඉන්ධන පිරවුම්හලක් තුලදී පහර දීමක්..?

දිවුලපිටිය ස්ථානාධිපතිට සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඉන්ධන පිරවුම්හලක් තුලදී පහර දීමක්..?

මරදගහමුල 12 කණුව ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලක් තුල පොලිසිය සහ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් අතර ඊයේ (23)රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

යම් සිදුවීමක් දැනුම්දීමෙන් පසුව ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ඉන්ධන පිරවුම්හලට පැමිණ තිබෙනවා.

එම ඉන්ධන පිරවුම්හලට පැමිණි පුද්ගලයෙකු පොලිස් ජිප් රථය තුලට දමාගැනීමත් සමගම එම ස්ථානයේ සිටි පිරිස් ජිප් රථය වට කර තිබෙනවා.

ඉන් පසුව උප පොලිස් පරීක්ෂකවරයෙකු නැවතත් ජිප් රථයෙන් බැසීමට තැත් කිරීමේදී අදාල පිරිස ඔහුට පහරදීමට සැරසී ඇති බවත් ජිප් රථයට නංවා ගත් පුද්ගලයාව නැවතත් එළියට ගෙන ඇති බවත් සඳහන්.

ඉන් පසුව ස්ථානාධිපතිවරයාටද එම ස්ථානයේ සිටි පිරිසක් පහරදී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අපි දිවුලපිටිය ස්ථානාධිපතිවරයාව සම්බන්ධ කරගත්තා. ඔහු පැවසුවේ මෙවන් කතාවක්..

පොලිසියේ කිසිම කෙකෙුට පහරදීමක් සිදුවුණේ නැහැ. බීපු අය පිරිසක් බලෙන් තෙල් ගහන්න ඇවිත්.. ඒ අයව තමයි තල්ලු කරලා අයින් කරන්නේ.
එතන ලොකු පිරිසක් හිටියා. පොලිසියේ කට්ටිය තමයි මැද්දට පැනලා ඔක්කොම ටික තල්ලු කරලා තෙල් ගහන්න ක්ලියර් කරලා දුන්නේ.. පොලිසිය කරන්නේ ඔක්කොම අයින් කරන එක.. රෑ 12 ට 1 ට වගේ.
බීපු එවුන් හිටියේ.. එයාලව තල්ලු කරගෙන තල්ලු කරගෙන තමයි ගියේ. වටේ ඉන්න මිනිස්සුත් බැන්නා අපිට මේ වැඩේ කරගන්න දෙන්නේ නෑ කියලා.. මිනිස්සු ගහයි කියලා තමයි ඒ අයව තල්ලු කරලා යැව්වේ..

මාධ්‍යවේදියා – එතකොට ස්ථානාධිපතිතුමා ඒ අයව අත්අඩංගුවට ගත්තද..?

ඇරස්ට් කළේ නෑ ඒ අයව තල්ලු කරලා එලවලා දැම්මා.. ඒ සෙනඟ අස්සේ ඇරස්ට් කරන්න බෑ.