― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalදේශපාලන පක්ෂ කාර්යාල වට කරනවා වගේ තුට්ටු දෙකේ වැඩ කරලා ලංකා ඉතිහාසයේ...

දේශපාලන පක්ෂ කාර්යාල වට කරනවා වගේ තුට්ටු දෙකේ වැඩ කරලා ලංකා ඉතිහාසයේ ආපු දැවැන්තම මහජන නැගිටීම කඩාකප්පල් කරන්න යනවනං ඒක විහිළුවක්.

ලංකා ඉතිහාසයේ ආපු දැවැන්තම මහජන නැගිටීම දේශපාලන පක්ෂ කාර්යාල වට කරනවා වගේ තුට්ටු දෙකේ වැඩ කරලා කඩාකප්පල් කරන්න යනවනං ඒක විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 29 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

දිගටම මර්දනයක් එල්ල වෙමින් තියෙනවා අරගලයේ නියුතු ක්‍රියාදරයන් වෙත. අපේ පක්ෂයටත් විවිධාකාර තර්ජන මර්ධනයන් එල්ල වෙමින් තියෙනවා.

 පොලීසියෙන් අද උදෑසන අපේ පක්ෂයට බලහත්කාරී ඇතුළු වීම සහ බලහත්කාරී සෝදිසි කිරීමක් කරා.

අරගලය කරන්න උනක්‌ තියෙනවා කාට හරි ජනප්‍රිය වෙන්න උනක්‌ තියෙනවා කාට හරි වෙන ගෙදර ඉන්න බැරි ඇම්මක් තියෙනවා එහෙම ප්‍රශ්නයක් නිසා නෙමෙයි, ජනතාවගේ දැවෙන ප්‍රශ්න එක්ක තමයි මේ අරගලය ආවේ.

 ආණ්ඩුවට මේ කිසිම ප්‍රශ්නයකට උත්තර නැති නිසා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා අරගලය විවිධ උපක්‍රම පාවිච්චි කරලා මෙල්ල කරල දාන්න

..

 එක උපක්‍රමයක් තමයි අරගලයේ නිරත විවිධ පාර්ශවයන් අතර බෙදීම් හදන එක.

 අරගලයට පූර්ණකාලීනව එකතු වෙලා ඉන්න අරගලකරුවන් පොදු ජනතාවයි අතර ප්‍රතිවිරෝධයක් හදන එක.

 අරගලය ඇතුලේ ඉන්න දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අය සහ නිර්පාක්ෂික අය අතර ප්‍රතිවිරෝධතා හදන්න උත්සාහ කරනවා.

 අරගලයේ නිරත ජනතාව සහ හමුදාව පොලීසිය අතර ප්‍රතිවිරෝධතා හදන්න උත්සාහ කරනවා. පොලිසිය සහ හමුදාව අතර ප්‍රතිවිරෝධතා හදන්න උත්සාහ කරනවා.

 මේක අසමගි කරලා පරාජය කරන්න උත්සාහ කරනවා

මේක කරන්න අමාරුයි කියලා හිතෙද්දි තමයි අවලාද මෙහෙයුම පටන් අරන් තියෙන්නේ.

 මුළු පළාතකටම පළාත් පිටින් කුඩු බෙදන අය මාධ්‍ය හමු තියමින් කියනවා  අරගල කාරයෝ කුඩු කාරයෝ කියලා.

 රුපියල් කෝටි තුනහමාරක් කප්පම් ඉල්ලලා ව්‍යාපාරිකයෙක් ගෙන් ඒක අධිකරණයේදී ඔප්පු වෙලා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ දඩුවම් නියම වෙච්ච තැනැත්තෙක් ඇවිල්ල කියනවා මැරවරයෝ විදියට කප්පම් ගන්න උත්සාහ කරපු කෙනෙක් ඇවිල්ලා කියනවා අරගල කරුවෝ කියන්නේ මැරයෝ කියලා.

 මහජන මුදල් වංචා කරපු මහජන මුදල් ගසා කාපු ලෝක හොරු දැන් වීරයෝ වගේ ඉස්සරහට ඇවිල්ල කියනවා ජනාධිපති මන්දිරයේ අරක නැතිවෙලා අගමැති මන්දිරයේ අරක නැතිවෙලා කියලා කතන්දර කියන්න පටන් අරගෙන.

 මිනිස්සුන්ගෙන් වෙච්ච පොඩි පොඩි දේවල් කියන්න අරගෙන තියෙනවා ලෝක හොරකම් වෙද්දි. අරගලයේ නිරත ජනතාවගෙන් වෙච්ච විවිධ පුංචි පුංචි අඩුපාඩුකම් එල්ල කරගෙන මේකට විවිධ මඩ අවලාද එල්ල කරන්න පටන් අරගෙන.

 දැන් ලොකුම ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරනවා ජනාධිපති මන්දිරයේ ස්විමින් පූල් එකට සබන් ගාගෙන බැස්ස කට්ටිය.

 ලංකාවේ දැන් බරපතළ ප්‍රශ්නය ඇවිල්ල තියෙන්නෙ ස්විමිං පූල් එකට සබන් ගාගෙන බැහැපු කට්ටිය නිසාද.

 පඩිපෙළ බුරුල් වෙලා තියෙන නිසා ද ඒ කෙන්ද ලංකාවේ ආර්ථිකයට පහර වැදුනේ.

එහෙම නැතිනම් විජේරාම මාවතේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ නිවස අලුත් වැඩියා කිරීම සඳහා යාබද නිවෙස් දෙකකුයි හමුදා කදවුර කුයි ඒ සියලු ඉඩම්  මිලදී අරගෙන  මේ අයගේ බලය ගිලිහෙන අන්තිම මොහොතේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා රුපියල් කෝටි 100 ක්‌.

 කෝටි සීයක් තනි මිනිහෙක්ගේ ගෙයක් අලුත්වැඩියාවට වෙන්කරපු කැබිනට් මණ්ඩලයක් මේක.

 ඉස්කෝල වල ගොඩනැගිලි නැතුව ළමයි ඉගෙන ගන්නේ ගස් යට. මීගමුව මහ රෝහලේ භාවිතාවට නුසුදුසුයි කියලා කන්ඩෙම් කරපු ගොඩනැගිල්ලක  වාට්ටු පවත්වාගෙන යනවා.

 මහනුවර මහ රෝහලේ මෑතක් වන තුරුම හෘද රෝග ඒකකය පවත්වාගෙන ගියේ   භාවිතා කිරීමට නුසුදුසුයි    කඩාවැටීමට නියමිතයි කියපු ගොඩනැගිල්ලක.

 අධ්‍යාපනය සෞඛ්‍ය ඒ සියලු ක්ෂේත්‍ර  වල ප්‍රශ්න තියෙනවා.

 ඒවා වහන්න මේ ජනාධිපති මන්දිරයේ පඩිපෙලක් කැඩිලා තියෙනවා ඒ වගේ කතා කියනවා.

ගෝඨාභය රාජපක්ෂ ටත් වඩා ඛේදජනක ඉරණමකට රනිල් වික්‍රමසිංහ පාත්‍රවෙයි.

 ගෝඨාභය රාජපක්ෂට ලංකාවෙන් පැනලා යන්න තැනක් තිබුන. රනිල් වික්‍රමසිංහ මේ කරන දේවල්වල විදිහට අඩුම ගානෙ එයාට ලෝකෙ යන්න තැනක් වත් හම්බ වෙන්නේ නෑ.

 දේශපාලන පක්ෂ කාර්යාලය වට කරනවා වගේ තුට්ටු දෙකේ වැඩ කරලා ලංකා ඉතිහාසයේ ආපු දැවැන්තම මහජන නැගිටීම කඩාකප්පල් කරන්න යනවනං ඒක විහිළුවක්.

 පොලිස් නිලධාරින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලනවා දේශපාලනඥයින්ගේ තුට්ටු දෙකේ වැඩ වලට ඔබේ දෙපාර්තමේන්තුව ආයතන හමුදා පොලිසිය ඒව පාවිච්චි කරන්න දෙන්න එපා,

 ඒ වෙනුවට ඔබ රටේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව සංවේදීව කටයුතු කරන්න. දේශපාලඥයෝ බේරිලා කොහේ හරි රටකට පැනලා යයි ඉන්න නිලධාරීන්ට තමා වගකියන්න වෙන්නේ.

 ගෝල්ෆේස් එකට පහර දුන්න මැරයන්ට නෙමෙයි ඒකට ඉඩ දීපු බලාගෙන හිටපු පොලිස්පතිවරයාට සහ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමයි ඒවට වග කියන්න වෙලා තියෙන්නේ..