උත්සව සමය වෙනුවෙන් සතොස ආයතනයෙන් භාණ්ඩ පැකේජයක් ලබා දීමට කටයුතු කර ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රුපියල් 1998 ක මුදලකට ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම භාණ්ඩ මල්ල නිවසටම ප්‍රවාහනය කර දීමට සූදානම් බවත් ඒ සඳහා 1998 දුරකථන ඇමතුමක් ලබා දීම හෝ සතොස වෙබ් අඩවියෙන් ඇණැවුම් කිරීම ප්‍රමාණවත් බව ඔහු පැවසීය.
ඇණුවුම ලද දිනයේ සිට පැය හතළිස් අටක් ඇතුළත රුපියල් 150 ක මුදලක ප්‍රවාහන ගාස්තුවක් අය කරමින් මෙන්ම භාණ්ඩ මල්ල දිවයිනේ ඔ්නෑම ප්‍රදේශයක නිවසටම ලබාදෙන බව ද ඔහු කියා සිටියේය.
මෙම සහන මල්ල සමග පඩම් පැකට් එකක් නොමිලයේ ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.