― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalමා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි අවධියේ හදබිම අධිකාරිය වෙත වෙන්කරනු ලැබු රුපියල් මිලියන...

මා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි අවධියේ හදබිම අධිකාරිය වෙත වෙන්කරනු ලැබු රුපියල් මිලියන 50 ක මුදලින් කල දේ

මා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි අවධියේ මා විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක ගෙවතු වගාව නගාසිටුවීමේ අරමුණින් රුපියල් මිලියන 50 ක මුදලක් හදබිම අධිකාරියට වෙත වෙන්කරනු ලැබුවා.

ඒ වැඩපිලිවෙලට අනුව හේවාහැට ආසනයේ ගෙවතු වගා උපකරණ බෙදාදීම අංකෙලිපිටිය විහාරස්ථානයේදී සහ ගම්පොළ ආසනයේ ගෙවතු වගා උපකරණ බෙදාදීම පුපුරැස්ස විහාරස්ථානයේදී පසුගියදා සිදුකළා.

එළවළු සහ පළතුරු භෝග ගෙවත්ත තුළම වගා කරගැනීම සඳහාත්, කොම්පෝස්ට් පොහොර සිය ගෙවත්තේ සාදාගැනීම සඳහාත් මෙම උපකරණ කට්ටල ගොවි පවුල් 350 කට ලබාදුන් අතර එක් උපකරණ කට්ටලයක වටිනාකම රු. 20,000 ක්.

හේවාහැට ආසනයේ උපකරණ බෙදාදීම හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලාද ඊට සහභාගීවුණා. ගම්පොළ ආසනයේ උපකරණ බෙදාදීම ගරු අනුරාධ ජයරත්න මැතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්තුමා සහ උඩපළාත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලාගේ මූලිකත්වයෙන් සිදුවූ අතර මා නියෝජනය කරමින් මාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් රාජපක්ෂ මහතාද හදබිම අධිකාරියේ නිළධාරීන්ද මෙම අවස්ථාවන් සඳහා සහභාගීවුණා.

උපුටා ගැනීම මහින්දානන්ද අලුත්ගම මහතාගේ ෆේස් බුක් පිටුවෙනි

https://www.facebook.com/photo/?fbid=604335974382138&set=pcb.604337294382006