― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalතරුණයින් දඩයම් කරන යුගයක් නිර්මාණය වෙලා - සජිත් ප්‍රේමදාස

තරුණයින් දඩයම් කරන යුගයක් නිර්මාණය වෙලා – සජිත් ප්‍රේමදාස

රජය විසින් තරුණයින් දඩයම් කරන යුගයක් නිර්මාණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තරුණ පරම්පරාව දැවැන්ත යුග පෙරළියකට නායකත්වය ලබාදුන් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රට ආගාධයට දැමූ ජනාධිපතිවරයා පළවා හැරීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

මම අහන්න කැමතියි මෙහෙම ද මේ රටේ තාරුණ්‍යයට සලකන්නේ. මහ පාරේ ගිහින් තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරද්දි, රැස්වීමකට සහභාගී වෙනකොට, තමන් විශ්වස කරන දේ ගැන කතා කරද්දි එය ත්‍රස්තවාදය ද? අද අපේ රටේ තාරුණ්‍ය LTTE ගාණට පත්කරලා හමාරයි මේ රජය. වහාම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඉවත් වෙන්න. වහාම රාජ්‍ය හිංසනයෙන් ඉවත්වෙන්න. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන මේ රටේ තාරුණ්‍ය දඬයම් කිරීම වහාම නතර කරන්න. එසේ නොකළහොත් අපට සිදුවෙනවා මේ රටේ සමස්ත තාරුණ්‍යයත් සමග මහ පාරට බැහැලා තාරුණ්‍යයේ අයිතිය වෙනුවෙන් දැවැන්ත අරගලයකට ප්‍රවේශ වෙන්න. අපි විශ්වාස කරනවා මේ රජයට මේ ජනාධිපතිවරයා ට යම් හැඟීමක් තියෙයි කියලා මේ අත්අඩංගුවට ගත් තරුණයින්ව ඉතා ඉක්මනින් නිදහස් කරන්න. ඒ යුතුකම කරුණාකරලා මේ රට වෙනුවෙන් ඉෂ්ඨ කරන්න. තාරුණ්‍ය වෙනුවෙන් ඉෂ්ඨ කරන්න. ඒක තමා රටේ සියලුදෙනාගේ බලාපොරොත්තුව. අද රටේ ජනමතය තියෙන්නේ තරුණ තරුණියන් එක්ක.