30 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalලෝකේ ඉන්න ශක්තිමත්ම නායකයා තමයි රනිල් - වජිර අබේවර්ධන

ලෝකේ ඉන්න ශක්තිමත්ම නායකයා තමයි රනිල් – වජිර අබේවර්ධන

රට ගොඩනැඟිය යුතු කාලය එළඹ ඇති බවත් රනිල් වික්‍රමසිංහ ලොව සිටින ශක්තිමත්ම නායකයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (24) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව බංකොලොත් කියා සීල් ගැහුවේ කවුදැයි වහාම සොයා බැලිය යුතු බවයි.

ලෝකයේ ප්‍රබලම නායකයා විනාශ කිරීමට ඇතැම් අයට උවමනා ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ රට බංකොලොත් කිරීම විදේශ රටකට අවශ්‍ය පරිදි සිදු කළේ දැයි සොයා බැලිය යුතු බවයි.

පසුගියදා මන්දිරවලට ඇතුළු වෙමින් ඒවා විනාශ කළ අය සොයා ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බවත් මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය ලෝකයේ ලැජ්ජාවට පත් වන තත්ත්වයකට පැමිණ ඇති බවත් ප්‍රකාශ කළේය.