― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉදිරියට තැබූ පය ආයේ ආපස්සට ගන්නේ නැහැ - ඩලස් අලහප්පෙරුම

ඉදිරියට තැබූ පය ආයේ ආපස්සට ගන්නේ නැහැ – ඩලස් අලහප්පෙරුම

ඉදිරියට තැබූ පියවර කුමන තත්ත්වයක් යටතේ වුවද ආපස්සට නොගන්නා බවත් පවතින ආණ්ඩුවට මෙන්ම පැවති ආණ්ඩුවලටද විනාශ වීමට කරුණු 4ක් මූලික වශයෙන් හේතුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ ආණ්ඩුවටත් මීට ඉස්සෙල්ලා තිබුණු ආණ්ඩුවලටත් විනාශ වෙන්න ප්‍රධාන කරුණු 4ක් බලපාලා තියෙනවා. පළවෙනි කාරණය එක පුද්ගලයෙක් බලය අතට ගන්නවා. එක්කෝ තනි පවුලකට ගන්නවා බලය, දෙවැනි වැරැද්ද මොකක් ද..? බලය ගන්නවා කිසිම සැලසුමක් නෑ. සැලසුම හදපු මිනිස්සු එළියේ. සැලසුම වෙනුවෙන් රට වටේ ගිහිල්ලා ජන මනස අවදි කරපු ප්‍රතිපත්ති සම්පාදකයෝ එළියේ. එක පවුලක කිහිපදෙනෙක් තනතුරුවලට එනවා. මේක නෙවෙයි ද ඉතිහාසයේ වුණෙත්. හතරවෙනි කාරණාව මම කිව්වා හතරක්. හොරකම සහ වංචාව පටන් ගත්තු දවසේ ඉඳලා බලය අතහැරලා යන දවස වෙනකන් මම දන්නේ නෑ කොහේට ගෙනියන්නද කියලා හොරකම් කරනවා. තනි පුද්ගලයෙක් විදියට විතරක් නෙවෙයි. පවුල් පිටින් හොරකම්වලට දායක වෙනවා. අවංක ගමනක් වෙනුවෙන් පියවර තියලා තියෙනවා ඉදිරියට. ඒක කුමන තත්ත්වයක් යටතේවත් ආපස්සට ගන්න අපි සූදානම් නෑ.