― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවසර 12ක් පුරා නොරොච්චෝලේ නඩත්තුවට චීන සමාගමකට ගෙවලා

වසර 12ක් පුරා නොරොච්චෝලේ නඩත්තුවට චීන සමාගමකට ගෙවලා

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම සඳහා වසර 12ක් පුරා චීන සමාගමට ගෙවූ මුදල් රටට තවත් තාප විදුලි බලාගාරයක් සාදන්නට ප්‍රමාණවත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

කලාපයේ සෙසු රටවල් ආයෝජකයන්ට අපට වඩා අඩු මිලට විදුලිය ලබා දී තිබෙන බවත් ආයෝජකයන්ට අඩු මිලට විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් හැදුවේ නැතිනම් රටට ආයෝජකයන් පැමිණීම නතර වනු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

නොරොච්චෝලේ විදුලි බලාගාරය නඩත්තු කරන්නට ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් නැද්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ චීන සමාගම තවමත් රඳවාගෙන සිටීමෙන් ඔවුන්ට ගෙවන මුදල දරන්නට සිදුවන්නේත් අහිංසක විදුලි පාරිභෝගිකයන්ට බවයි.

ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ පරිභෝජනය කර ගන්නට බැරිව ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තැනකට පත්ව තිබෙන බවත් විදුලි බිල 64% කින් වැඩි වූ බව කිව්වත් දුප්පත් ජනතාවට එය සියයට දෙසීය ගණනකින් වැඩි වී තිබෙන බවත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරවු කළේය.