33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතෙල් වලට තේ වලින් ගෙවන වැඩක්

තෙල් වලට තේ වලින් ගෙවන වැඩක්

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉරාන තෙල් සමාගමට හිඟ ඩොලර් 250,925,169 ක මුදලක් පියවීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) අද (21) අත්සන් කෙරුණා.

යෝජිත යෝජනා ක්‍රමය අනුව ලංකා තේ අපනයනය වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට ඇති අමෙරිකානු ඩොලර් 250,925,169/= ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කෙරෙනවා.

ඒ අනුව මෙම යෝජනා ක්‍රමය මගින් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් දේශීය මුදලින් පියවීම සිදු කිරීමට හැකි වනවා.