― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආරම්භය අපහසු වේවි.. නමුත් අපි ඉදිරියට යා යුතුයි

ආරම්භය අපහසු වේවි.. නමුත් අපි ඉදිරියට යා යුතුයි

ආරම්භය අපහසු වන නමුත් ඉදිරියට යෑමේදී අපට ඉන් යම්කිසි වර්ධනයක් ළඟා කරගත හැකි බවත් ණය අර්බුදයෙන් රට මුදාගැනීම සේම ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යා හැකි ආර්ථිකයක් ගොඩනැංවීම ඉතා වැදගත් බවත් ජනාදිපති රනිල් වික්‍රමසිංහ පැඑවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානි පීටර් බි්‍රයුවර් (Peter Breuer) මෙම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මේ තමයි අපි පළමු වතාවට රට බංකොලොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොලොත් බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදාගැනීම වගේම සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍ය කාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යෑමේදී අපට වර්ධනයක් ළඟා කරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසුකරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමඟින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යෑම වඩාත් පහසු වේවි.