― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපතලක නාය යාමක් - සියයක් අතුරුදහන්

පතලක නාය යාමක් – සියයක් අතුරුදහන්

උතුරු මියන්මාරයේ පතල් අනතුරකින් පුද්ගලයින් සියයදෙනෙකු පමණ අතුරුදන්ව තිබේ. මේවන විට එක් මළසිරුරක් පමණක් හමුව ඇතැයි ගලවා ගැනීමේ කණ්ඩායම් සදහන් කර ඇත.  උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ දී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.  එර‍ට වේලාවෙන් අලුයම 4 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.  අනතුර සිදුවන අවස්ථාවේ දී කම්කරුවන් 200ක් පමණ එහි සිටි බවත් එයින් සුළු පිරිසකට පමණක් දිවි ගලවා ගැනීමට හැකි වූ බව වාර්තාවේ.  පතලේ දෝනාවකට අසල්වැසි විලකින් ජලය ගලා ඒම නිසා අනතුර සිදුව ඇත. ජල පහරත් සමඟ කම්කරුවන් විලට ගසාගෙන ගිය බවට විශ්වාස කෙරේ.