26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකංසා අපනයනයෙන් විශාල ඩොලර් ආදායමක් රටට ගේනවා

කංසා අපනයනයෙන් විශාල ඩොලර් ආදායමක් රටට ගේනවා

අපනයනය සඳහා කංසා නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ ඔස්සේ ලබන වසරේදී විශාල ඩොලර් ආදායමක් රටට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඊයේ (08) රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

තමන් මීට පෙරද පවසා ඇති පරිදි කංසා නීතිගත කර අපනයනය කිරීම මගින් විශාල ඩොලර් ආදායමක් ලබන වසරේදී උපයා ගැනීමට හැකි වනු ඇතැයි ඇය සඳහන් කළාය.

ජනතාවට සහනයක් ලැබෙන්න ඉතින් අපි රටට ඩොලර් ගේන්නම ඕනෙ. මොකද ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න, බඩු මිල පහළ දාන්න, මේ ඔක්කොම කරන්න නම් මේ රටට විදේශ විනිමය නැතිව තියෙන්නෙ, අපි ණය ගෙවාගන්න බැරුව ඉන්නෙ, ඒ හින්දා ඒක ගේන ක්‍රමයක් තමයි හදන්නෙ. ඒකත් එක්ක තවත් මගේ තියෙනවා ව්‍යාපෘති යෝජනා – මම අලුතින් කියන්න ඕනෙ නෑ, මගේ අර මීට ඉස්සෙල්ලාත් කියපු අපනයනය සඳහා කංසා නීතිගත කිරීම. ඉතින් ඒකටත් මම වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒක තුළින් මම විශ්වාස කරනවා ලංකාවට ලබන අවුරුද්ද වෙනකොට විශාල මුදලක් රටට ගේන්න පුළුවන් වෙයි කියලා.