― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමගේ ගුග්ලියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති බැට් කරන්නේ කොහොමද කියල බලමු

මගේ ගුග්ලියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති බැට් කරන්නේ කොහොමද කියල බලමු

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ශම්මි සිල්වා තමන් ගැන නොදන්නා නමුත් තමන් ඔහු ගැනත් ඔහුගේ පියා ගැනත් හොඳින් දන්නා බව සජබ පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට අද (20) උදෑසන මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද කීය.

මම ක්‍රිකට් සංගමයේ සභාපතිවත් දන්නවා. එයාගේ තාත්තා ගැනත් හොඳට දන්නවා. මම තව ගොඩාක් දේවල් දන්නවා. එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි. නුවන් කුලසේකරව දන්නේ නැති සභාපතිවරයා කොහොමටවත් නලින් බණ්ඩාරව දැනගන්න විදියක් නෑනේ. අපි බලමුකො මොකද වෙන්නේ කියල. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණය දඩමීමා කරගෙන හොරුන්ට හොරකමෙන් වැහෙන්න ඒවගෙන් බේරෙන්න අපි අවස්ථාවක් දෙන්නෑ. අද හෙටම කෝප් කමිටුව රැස්වුණාම මම ක්‍රිකට් පාලක මණ්ඩලය කැඳවලා මං ගාව තියෙනවා හොඳ දුශ්‍රාව පන්දුවක්. ඒවගේම ගුග්ලියක්. එතකොට අපි බලමු ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කොහොමද මේකට බැට් කරන්නේ කියලා. පොලු ගැලවෙයිද? ආරක්ෂාව සහිතව පහර දෙයිද කියලා අපි බලමු. මම කිව්වේ ආසියානු කුසලානය රටට අහිමි වීම ගැන. එයා කියනවා ඩොලර් මිලියන 04ක් රටට හිමිවීම ගැන. එයාට විතරයි ඒක හම්බුණේ. මට ගණන් බෑ කියනවා. ඌ දන්නෑ මං හොඳ ගණන් ගුරුවරයෙක් කියලා. මං එයාට ගණන් කියල දෙන්නම් වෙලාවක.