― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසයිනොෆාම් එන්නතට හංගේරියාවෙන් දොස්

සයිනොෆාම් එන්නතට හංගේරියාවෙන් දොස්

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත වැඩිහිටි පුද්ගලයන් තුළ සැලකිය යුතු ආකාරයේ ප්‍රතිශක්තිකරණයක් උත්පාදනය නොකරන බව හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර සිදු කළ එක්තරා පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කළේය. එම පරීක්ෂණයට ස්වේච්ඡාවෙන් පෙනී සිටි වැඩිහිටි පුද්ගලයන් අතුරින් හතරෙන් එකක් එම තත්ත්වය පෙන්නුම් කිරීමෙන් මේ නිගමනයට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ පරීක්ෂණ ප්‍රතිඵලය අනාවරණය කර ඇත්තේ එරට ජනතාවට අවශ්‍ය නම් තුන්වැනි එන්නත් මාත්‍රාව ද ලබා ගත හැකි බවට හංගේරියානු අගමැති වික්ටර් ඕබන්ගේ රජය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුය.

පේරූ රාජ්‍යයට පසු එම කලාපයේ වැඩිම කොවිඩ් මරණ වාර්තා වන හංගේරියාව වයිරසයට එරෙහිව එන්නත්කරණයට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ගෙන්වූ එකම යුරෝපා හවුලේ සාමාජික රට බවට ද පත්වී ඇත.

එම පරික්ෂණයට අනුව ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් වැඩි ප්‍රතිශක්තිකරණයක් වැඩිහිටි පුද්ගලයන්ගේ සිරුර තුළ උත්පාදනය කරන බව ද අනාවරණය වී ඇත.