30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය නිමාකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (30) රාත්‍රීයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේට අවසන් ගෞරව දක්වීමට ජනාධිපතිවරයා ජපානය බල පිටත්ව ගියේ පසුගිය 26 වනදා අලුයමයි.

එහිදී ජනපන නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා පසුගිය 28 වනදා පිලිපීනය බලා පිටව ගියා