26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalළිපේ ගින්දර වෙනුවට ජනතාවගේ හිතේ ගින්දර ඇවිළිලා

ළිපේ ගින්දර වෙනුවට ජනතාවගේ හිතේ ගින්දර ඇවිළිලා

රටේ ජනතාවට ළිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දර උරුම වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්බලන්තොටදී ඊයේ (27) පැවසීය.

නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන්නා සේම ඉතිරිව ඇති ඩොලර් සංචිතවලින් ලබන වසරේ ණය ගෙවීමට ආණ්ඩුව කටයුතු කර බව හෙතෙම පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා මේ රටේ සියලු පුරවැසියන් සහ අපනයනකරුවන් සමඟ සෙල්ලම් කරමින් සිටින බව පෙන්වා කී විපක්ෂ නායකවරයා මේ රටට මෙතරම් සාපයක් ගෙන ආ මැති ඇමැතිවරුන්ට ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද වැඩි දුරටත් කීවේය.

පහන් විජේසේකර